Saturday, November 19, 2022

ජලය සහ කාන්තාව

 ජලය සහ කාන්තාව


ජලය යනු ජීවයයි.ලෝක ජනගහනය ගත්කල වැඩි ප්‍රතිශතයක් වනුයේ කාන්තාවන්ය. සෑම කාන්තාවක්ම එදිනෙදා පරිභෝජනයේ දී මෙන්ම ඕනෑම වැදගත් කටයුත්තකදීම ජලය පරිහරණය කරනු ලබයි .එය මෙසේ එකින් එක විග්‍රහ කරනු කැමැත්තෙමි.

මිනිසාගේ උපතේ ප්‍රධානත්වය උසුලන්නේ කාන්තාවක් බව අප අමුතුවෙන් කිව යුතු නැත .ඒ මිනිස් ජීවිතය උපත ලබන මව් කුස තුළ එම කළලය අන්ලලය අන්තර්ගත වන්නේ ද ජලය වලින් පිරුණු බෑගයක් තුළ ය .දරුවෙකු මෙලොව බිහි කළ අවස්ථාවේදී එම දරුවා නහවා පිරිසිදු කරනු ලබන්නේ ද කාන්තාව අතිනි. එම කාර්යය ඉෂ්ට කිරීම සඳහා ද ජලය උපයෝගී කර ගනු ලබයි.එමෙන්ම සිංහල අලුත් අවුරුදු නැකතට කාන්තාව පළමුව ගනුදෙනු ගනුදෙණු කරනු ලබන්නේ නිවසෙහි ඇති ලිඳ සමගයි .නැතහොත්ළිඳ සමගයි .නැතහොත් ජලය සමඟයි. එමෙන්ම ඕනෑම සුභ කටයුත්තක් සඳහා පෙරමඟට රැගෙන එන්නේ ද ජලය පිරුණු වීදුරුවකි.බොහෝ විට මෙම සුබ කටයුත්ත සිදු කරනුයේ ද මව හෙවත් කාන්තාව විසිනි .ජලය සහ කාන්තාව සම්බන්ධව විග්‍රහ කිරීමේදී අපට කිව හැකි තවත් කරුණක් නම් මුළුතැන්ගෙයි ප්‍රධාන තැනක් ගන්නේ ද ජලය බවයි.එම මුළුතැන්ගෙයි සියලු කටයුතු අධීක්ෂණය කරන්නේ ද ගෘහණිය නැතහොත් කාන්තාව විසින් බවද අප විසින් අමතක නොකළ යුතුය.

විවිධ චාරිත්‍ර කටයුතු වල දී කාන්තාව ඒ සඳහා විශේෂයෙන්ම ජලය උපයෝගී කරගනු ලබයි. නිදසුනක් වශයෙන් හෙළ යුවතියක් වැඩිවිය පත් වී මල්වර උත්සව යෙදී විශේෂ නැකත් යොදා ගෙන ඇයව ස්නානය කරනු ලබන්නේ ජලයේන් වන අතර ඒ ඒ කර්තව්‍ය ඉටු කරනු ලබන්නේ ද ඇගේ මව නැතහොත් කාන්තාව විසින් ය.එසේම ආගමික කටයුතු වල දී කාන්තාවට ජලය වෙසෙසින් ප්‍රයෝජනවත්ය ප්‍රයෝජනවත්ය.නිදසුනක් ලෙස බෝධි පූජා පැවැත්වීමේදී බෝධිය නාවනු ලබන්නේ ද ජලයෙන් වන අතර බොහෝ විට එය ඉටු කරන්නේ ද කාන්තාව විසිනි.

ජීවයේ ප්‍රාණය බඳු ජලය.මිල කළ නොහැකි වටිනා වස්තුවකි.කාන්තාව ද එවැනි එවැනිම අමිල වස්තුවක් වන්නේය.ගෙදර දොරේ මෙන්ම කාර්යාලයෙත් සෑම කටයුත්තකදීම මුල් තැනක් හිමි වනුයේ කාන්තාව සහ ජලටයි.එයට හේතුව ජලය සමඟ කාන්තාව බැඳී පවතින සුවිශේෂී කර්තව්‍යයක් නිසාමය. ජලය කාන්තාව පිටිවහලක් වන්නාසේම ජලය නොමැති කිසිම ජීවියෙකුට ජීවත් විය නොහැක්කේය. කරුණු කෙටියෙන් විග්‍රහ කළ ද මේ සෑම දෙයකින්ම විද්‍යාමාන වන්නේ ජලය සහ කාන්තාව අතර අවියෝජනීය සම්බන්ධතාවක් පවතින බවය.



7 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...