Tuesday, November 29, 2022

සැනසුම

 සැනසුම


අමුතුම හිනාවකට

වෙනම උන්මාදයකට

උරුමකම් කියන

කොමළ සුකුමාලිය

අතකින් අතෑරී ජීවිතේ එපා වී

ඇස් වල කඳුළු

තොල් වල කඳුළු

පපුව පලාගෙන

සැනසුම සොයද්දී

ඒ ඇස් මවෙතට

මගේ ඇස් ඔහු වෙතට

අහම්බයකින් හැරෙද්දි

සීමාවක් නැතිව දුන්නා ආදරේ

ලේ බිඳුවක් නහරයක් පාසා

හිස්තැන් පිරෙව්වා ආදරෙන්

කැලැන්ඩරේ පිටු

නොදැනීම පෙරලුනා

ඇඟයි හිතයි රිද්දන ආදරය

ඉවසුවා...ඒත් ඉවසුවා...

තවත් ඉවසුවා...හදිසියෙම

කලින් අතෑරපු අත ආදරයෙන්

තදින් ආදරෙන් අල්ලගෙන ලු

එකපාරම මාව දැන් පොට්ටම

පොට්ට අවලංගු කාසියක් වෙලා

මහ පුදුම ආදරේ...





11 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...