Friday, October 21, 2022

සිතුවිල්ල

අනවසරෙන් වඩින, සැනින් පලා යන,

සීමා විරාම නොතකා 

මටත් හොරා හිත එක්ක නුඹ ධාර හරඹයක්.

මුරණ්ඩු මං

නුඹට හීලෑ ද ?🤔


හුදකලා නිමේෂයක 

මංමුළා වූ 

මා සොයන නුඹ කවුරුන් ද?🤔


අන්ධ හෝරාවක

නිහඬ ගුහා කුහරයක හිර ව,

පතුල නොපෙනෙන අගාධයකට ඇද වැටෙන,

හිස් අහසක පාවෙන කාල මේඝයක් වූ

මා සොයන නුඹ කවුරුන් ද...?🤔


*********************************************

අවහිර රිද්මයකට වැයෙන,

හද තුළම නිදන් වූ,

මැදියම් රැයේ දොළහේ කණිසමට පවා ඉකිබිදින,

වළ දැමූවත් පණ ගැහෙන,

නුඹට අවනත නොවූ මා...

නොමළ මළ 

චංචල සිතුවිල්ල.😌


13 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...