නිවන ලෙස බොදුනුවන් සම්මුතිකව විශ්වාස කරන සංකල්පය පිළිබඳව විවිධ අර්ථකථන පවතී. එම අර්ථකථන අප සම්මුතීන් ලෙස අප මනසට, අප විසින්ම කවාගත් සංකල්පමය.
අප සාදාගත් ලෝකය කියා දෙයක් නැතිබව තේරුම් ගත් වහාම ලෝකය පිළිබඳව ඇති හැඟීම, දැනීම අවසන් වනු ඇත. ලෝකය පවත්වන අපගේ සිතුවිලි වලින් මිදෙන “මේ මොහොත”, අප පතන්නාවූ නිවන සාක්ෂාත් කරනවාමය. සිතිවිලි යනු අප විසින් ලබා දුන් නම් (නාම) සහ ඉන් මවාගන්නා විවිධාකාර මනෝ රූප පමණකි.
ලෝකය යනු කුමක්ද?
ලෝක සම්මුතිය සහ ලෝක පරමාර්ථය යනුවෙන් සංකල්ප දෙවර්ගයකි. සම්මුතිය යනු ලෝකයේ පැවැත්ම සඳහා පවතින ලෝකයේ (සිතේ) නිර්වචනයම වේ. මෙය අප විසින් සෑදූ සිතිවිලි වල ඵලයන් වේ. ලෝකයේ පරමාර්ථය අවබෝධ කරගැනීමට ලෝක සම්මුතිය අවශ්‍ය වන අතර, අවබෝධ කරගත් එසැනින්ම නැණවතා සම්මුතිය අතහැර ගනී.
පරමාර්ථ ධර්ම යනු කවරක් ද?
සම්මුතියෙන් වැසීගිය පරම ධර්මය, අවදි කර ගැනීම සසරෙන් මිදීමට අත්‍යවශ්‍යය වේ. එනම්, එළඹගත් සිහියෙන් සිතෙහි ස්වභාවය මේ මොහොතේම අවබෝධ කරගැනීම පමණකි.
අප සිතෙහි මෙන්ම, අප සිතෙහි මවාගන්නා මායාව වන “ලෝකයේ” ද, ස්වභාවික ධර්මතාව වන්නේ “අනිත්‍යය” මිස වෙන කුමක්ද?
අනිත්‍යය යනු කුමක්ද?
තමාගේ රූපය උදාහරණයක් ලෙස සම්මුතියෙන් සැළකූ විට, “එය” නිරන්තරයෙන් වෙනස් වන බව පහසුවෙන් වටහා ගත හැක. එසේම, තම “සිත” වෙත නිහඬව බැලුවහොත් “එය” ද, “සැනෙකින් වෙනස් වන” ධර්මතාවක් බවද ප්‍රත්‍යක්ෂ වේ. සිතේ වේගය භාවනාවෙන් නිරීක්ෂණය කළ යෝගාවචරයින් එහි වේගය වටහාගෙන ඇත.
ලෝභ, ද්වේශ සහ මෝහ
සසර වෙත සත්ත්වයා බැඳ තබන්නේ ලෝභ, ද්වේශ, මෝහ, සහ මමත්වය යන සංකල්ප හේතුවෙනි. මෝහය හෙවත් මෝඩකම නැතහොත්, නොදන්නා බව හේතුවෙන් අප ප්‍රධාන වශයෙන් සසර වෙත බැඳී ඇත.
මෝහය නිසා ලෝකයේ ස්වභාවය වන අනිත්‍යය වටහා ගැනීමට ලෝක සත්ත්වයා හට අසීරුව ඇත. මෙනිසා සසර අන්ධකාරයේ අඳුරෙන් අඳුරට ලෝක සත්ත්වයා ගමන් කරමින් සිටියි.
සියල්ලටම හේතු වන සිතෙහි පවතින අනිත්‍යය අවබෝධ කොට, සසර අවසන් කළ නුවණැත්තා නැවතුනෙක්ම වේ. සුපුරුදු පරිදි “එඤ්ඤං” කියා ලියමන අවසන් කලද, නවතිඤ්ඤං කියා අවසන් කිරීමට කැමැත්තෙමි. අප සැම නවතිඤ්ඤං කියා සසර ගමනින් සමුගනීනම්, එයම උතුම් වේ, සත්‍යගවේෂණයම වේ. සත්‍යගවේෂණයට අප සැමටම මෙත් සිතෙන් ඇරයුම් කරමි.
❤️❤️❤️
ReplyDeleteEk lassnai
ReplyDeleteA Important topic
ReplyDelete💖💖💖💖
ReplyDelete