Tuesday, December 13, 2022

විප්ලවයටත් මහන්සියි



කන්ද උඩහින් අදත් හවසට

බැහැලා යන හැටි කරුම රතු ඉර

මතක් වෙනවා හිටිහැටියේ මට

අම්මාගේ කෙදිරිල්ල අරගෙන


මාස හයකින් ගමට එන්නට

බැරි වුණා විප්ලවයේ තාඩන

නංගියේ අපේ පැටවු දවසක

හුස්ම ගත යුතු නැද්ද පොළවක


අපේ කඳුලට කින්ඩි දාගෙන

යකඩ බම්බුවේ සෙම පෙරාගෙන

ඊයේ මා හමුවෙන්න ආවා 

ගෑස් නැති කඳුලක විලාපය


තාත්තෙ මට බැරි වෙන්න ඇති

උඹ කියූ ලොකු මිනිහා වෙන්නට

හැබැයි කොහේ හරි ලියැවේවි හෙට

ලොකු මිනිස්සුන් හදපු රට ගැන


විප්ලවය ටත් මහන්සිය

හැමදාම නාලා සෙම අමාරුව

අදත් යන්තම් බඩට වැටුණා

තිහේ ගල් වැලි මිශ්‍ර බත් පත


මතක් වෙනවා හෙට අනිද්දා

අතේ දරනට තියෙන බම්බුව

එවිට මගේ හිත ගලක් වෙනවා

අම්මගේ පෑදුණු නහර ලග


අම්මේ උඹේ පොඩි පුතා එනවා

අද ම හෝ හෙට අනිද්දා දින

විප්ලවේ අපි බලාගන්නවා

අපිව විප්ලවෙ බලා ගද්දිම...


 



6 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...