Tuesday, December 13, 2022

මල් කෙල්ල 



කන්ද අද්දර සුදු පාට මල් පොකුරු ගණනින් අහුලලා

පහල වැව් කණ්ඩියේ ඉදගෙන එකිනෙක ගෙන දෝවලා

තියෙන පින පව් දෙක තුන හමාරක් එවපු දෙයියන්ටත් පුදා

අදත් යන්නෙමු පුයර තවරන් බුදුන්  දකිනා මල් නෙලා


අදත් හරියට මාස දෙකකුත් දින තුනක් පහු වී එදා

තනියා ඇවිදින් අරන් ගිය පිය සුවඳ නියගය පිච්චුවා

රෝස කැකුළට කටු අරන් සුවයෙන් නිදන්නට ඇති නිසා

නෙලනවා මල් නෙලනවා අද අපෙන් ගමු නේ මාත්තියා


ඊයෙ උඩහින් ආපු වැස්සට දෙගොඩ තලලා රිද්දලා

පොළෝ ගැබ ඉකිබිඳින හඬ කට දෑස් දෙක මගේ තෙත් වුණා

රෝස කැකුළට රෝස මිස කළුපාට තවරනු බැරි නිසා

රෑට අයිතිය බෙදාගනු  වස් ටවුම හෙමිහිට මුර කළා


සුදු පාට රන් කාල පෑ හම් ඇස් වසාගෙන මිරිකලා

ගියෙමි කුස් පුරවන්න ගෙදරක තනිව ඇති ලෝකය බලා

එකී ලෝකයේ තනිය මකනට තනියා ඇවිදින් ගොඩවෙලා

කටුව පීදී එන ගමන් තිබූ රෝස මල ගෙන හැංගිලා



7 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...