Thursday, December 15, 2022

ටිකට් එක

 ටිකට් එක


හති අරින බස් කට්ටෙ

ඉදිරි දොර මුර තියන්

කෑ ගසා හතිලමින්

පුරවගත්තා මම හිස් ගොඩක්

බසය දුම් දමා යන අතරෙ

කැඩුවා සුදු කඩදහි ටිකක්

පුරවගත් ඒ හිස් ගොඩට මම

දුන්නා ඒ කඩදහි ටිකත්

එකී හිස් ගොඩ

මටත් අද දුන්නෙ

පුරුදු රුපියල් 

සත ටිකක් 


රජ වාසලෙන් එලියට ඇදෙන ඒ

බලු නකුටු කොලු පිරිස පුරවන්

සරසවියේ දොර ළඟට අද්දල

නැවැත්තුවා ලංගමේ බසයත්


පසු දොරින් ඇතුළට පැමිනියා

පුරුදු සුවදට මුසු වූ දෙනෙත්

මැව්ව ආපහු මගේ සිත්තම

අතීතය ඔලුවට කඩං


ළඟට ගිය කල ටිකට් කඩනට

නො බැලුවෙමි ඇගෙ රන්වන් දෙනෙත්

එහෙත් බැලුවෙමි කුමරුවා දෙස

මවා ගත් මගෙ වපරැසින්


තිස් අටේ දිය කරනු නො හැකිය

ඔබෙන් පැළදි ඒ මතකය කිසිත්

ඔබෙ කුමරා නො වූයේ අද

අරුම කොන්දෙකු වූ බැවින්


සිතා සිටියෙමි බී.ඒ කරන්නට

ඔබත් එක්කල සරසවි බිමේ

ගත්ත ප්‍රතිපල මට දුන්නෙ අද

ටිකට් කඩනට ලංගමේ


බසින්නට මොහොතකට මත්තෙන්

සුබ පතමි හද පුරා සෙනෙහෙන්

ඔබට මිස වෙන වෙනකෙකුට නොකැඩූ

ටිකට් එක ඇත මගේ හදවතේ...

































5 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...