Thursday, December 15, 2022

කළුවර

  කළුවර



හඳත් නිදි කළුයමක

සන්සුන්ව ඇවිදින්න

බිම නිදන බොරළු කැට

නිදිවදින හඬ අහන්න


සුදු වත ට හැඩ වෙච්ච

කහපාට මන්තිරු

එගොඩ වන වැසි දනන්

නෙත යොමන අනග ඇස්


නිවි නිවී පත්තු වෙන

නිවන දුටු හිමි පිළිම

නිස්සාර සංසාර

තතු දකින සෙයියාව


කොනක හිඳ නරඹන්න

නිහඬ නිසල ව තුරුද පත්‍ර ද

එකිනෙකා වෙත ගොතන කවි පද

එයින් එක දෙක වැළඳ දෝතට

නිසාචරයකු රැගෙන යන රඟ


ලොවක් නිදියන

අහස් කුස යට

ලොවක් හිමිහිට

තැනෙන විස්මය...


7 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...