Wednesday, December 7, 2022

 වැස්සක්

නොමැතිව

ඉඩෝරයට

වියළී ගිය

ඉරි තැලුණු

බිම්

කතරකට

ඉඳහිට වැටෙන

වැහි බින්දුවත්

දැනෙනවා

මහ

මෙරක් තරමට

පාලුව වේදනාව

තුරුළු කරගත්

ජීවිතේට

ඒ වගේම

හරි හරියට

අහම්බයකින්

ලැබුණ ආදරයක්

දැනෙනවා

මුළු

ලෝකයක් තරමට...


4 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...