Thursday, December 8, 2022

දෙස් විදෙස් පතළ ලංකාවේ කලාගාර පහක්

 දෙස් විදෙස් පතළ ලංකාවේ කලාගාර පහක්


කලාගාර යනු ලොව ඕනෑම රටක කලා උරුමය, සංස්කෘතිය සෙසු ලෝකයන් සමග බෙදා ගන්නා පරිශ්‍ර වෙති.එක් රටක පමණක් නොව නොයෙක් රටවල් නිර්මාණ ඒවායේ දී කලා රසිකයන්ට හමුවේ. පොහොසත් කලා සංස්කෘතික උරුමයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි දෙස් විදෙස් අවධානයට ලක් වූ මුල් පෙළේ කලාගාර කිහිපයක තතු මෙලෙස දක්වන්නේ ඒවායේ ඇසුර දියුණු ජීවිතයක් වෙනුවෙන් නිතැතින්ම ඉවහල් වන බව පැහැදිලි හෙයිනි.

1.ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරය


කොළඹ 7 හෝර්ටන් පෙදෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි මෙම කලාගාරය මෙරට බිහිවූ බිහි වූ අග්‍රගණ්‍ය ආලේඛ්‍ය චිත්‍ර ශිල්පිනියක් ලෙස සැලකෙන ජේ. ඩී .ඒ .පෙරේරා වෙනුවෙන් ප්‍රණාම දැක්වීමකි.ජේ.ඩී.ඒ. ගේ සිතුවම් කලාවේ විශිෂ්ටත්වය සුප්‍රකට විදෙස් චිත්‍ර ශිල්පීන් පවා මවිතයට ලක් කරන සුළුය.2010 වර්ෂයේදී දෙස් විදෙස් කලා රසිකයන් ගේ අපේක්ෂා පල දරමින් විවෘත විය.මෙරටින් බිහි වූ තවත් අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියෙක් ලෙස පිළිගැනෙන ඩේවිඩ් පේන්ටර්ගේ අස්ථානගතව තිබූ චිත්‍ර එකතුව සොයා ගැනීමෙන් පසුව ඒ චිත්‍ර ප්‍රදර්ශනයට තබා ඇත්තේද  ජේ. ඩී. ඒ .පෙරේරා කලාගාරයේ ම කොටසක ය. එය පළමු මහලේ පිහිටා තිබේ.සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය අධිපති ලෙස කලක් painter කටයුතු කර ඇත.ඔහුගේ මෙම වටිනා චිත්‍ර එකතුව ඊට පරිත්‍යාග කර ඇත්තේ අන්තිම කැමති පත්‍රයට අනුව බව සඳහන් වේ.ඔහුගේ සොහොයුරිය විසින් ඒවා පරිත්‍යාග කිරීමෙන් පසුව කලක් අස්ථාන ගතව තිබිණි.

2.ලයනල් වෙන්ඩ්ට් කලාගාරය


1930 සහ 1940 ගණන්වලදී මෙරට අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක් මෙන්ම පියානෝ වාදකයෙක් සහ කලා උපදේශකයෙකු වූ lionel wendt සිහි කරමින් මෙම කලාගාරය 1953 ස්ථාපිත කර තිබේ. දෘශ්‍ය මෙන්ම ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රය වෙනුවෙන් එය ඉටු කරමින් ඇති මෙහෙවර විශාලය.මෙම පරිශ්‍රය හැරල්ඩ් පීරිස් කලාගාරය, ලයනල් වෙන්ඩ්ට් රඟහල හා ලයනල් වෙන්ඩ්ට් කලාගාරය එක්ව ගත්විට එය හැඳින්වෙන්නේ මෙලෙසිනි.කොළඹ පිහිටි එකම බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානය ද මෙයයි.පෙරදිග හා අපරදිග සම්මුඛ වන ස්ථානය ලෙසද එය ප්‍රකටය.රංඟ ශාලාවේ එකවර හයසීය දෙනෙකුට ආසන පහසුකම් පවතී.

 

3.ජාතික කලා භවන



රාජ්‍ය අනුග්‍රහය සහිතව ඇති වූ පළමු කලාගාරය ජාතික කලා භවනයි. ලංකා කලා සංගමයේ සහ  ලංකා කලා මණ්ඩලයේ මූලිකත්වයෙන් 1932 දී පළමුව ස්ථාපිත වූ එය එක්දාස් නවසිය පනහේ සිට ජාතික කලා භවන බවට පත්විය පත් විය.කොළඹ කෞතුකාගාරයට යාබදව පිහිටි ගොඩනැගිල්ල ගෘහ නිර්මාණ ශිල්පී මුදලිදු ඒ.සී.ජී.එස් අමරසේකර ගේ නිර්මාණයකි.එය සෘජුකෝණාස්‍රාකාර ගොඩනැගිලි දෙකකින් සමන්විත.ඉන් එක් ගොඩනැගිල්ලක කලා භවන සතු ස්ථිර නිර්මාණ එකතුව  ප්‍රදර්ශනය කෙරේ. අනෙක් ගොඩනැගිල්ල වෙන්කර ඇත්තේ චිත්‍ර මූර්ති ප්‍රදර්ශන ආදිය සඳහා ය.කලා භවන සතු අගනා නිර්මාණ විධිමත් ලෙස ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාව කලක පටන් අවධානයට ලක්ව ඇති කාරණයකි.නවීකරණ කටයුතු සඳහා වසර ගණනාවක් තිස්සේ වසා දමා තිබේ.නෙළුම් පොකුණ,රඟහල විහාරමහාදේවි උද්‍යානය වැනි ස්ථාන ආශ්‍රිතව දැකුම්කළු පරිසරයක මෙම පරිශ්‍රය පිහිටා තිබේ.

 4.බෙයාර්ෆුට් ගැලරි


කොළඹ කොල්ලුපිටියේ පිහිටි මෙම කලාගාරය චිත්‍ර ශිල්පීන්, සංගීතඥයන්,කවීන්, සිනමාකරුවන් ඡායාරූප ශිල්පීන් විවිධ කලාකරුවන් සිය නිර්මාණ කටයුතුවල දී යොදා ගන්නා ස්ථානයකි.විදේශීය නිර්මාණකරුවන් ද ඒ අතර වෙති. කලාගාරයට අමතරව cafe එකක්ද එකක් ද පිහිටා තිබේ.ශ්‍රී ලංකාවේ වාණිජ මට්ටමේ පළමු කලාගාරය ලෙස මෙය සඳහන් ය. මුලදී ගැලරි 706 ලෙස හැඳින්විණ. 1999 වර්ෂයේ සිට බෙෆාර්ෆුට් යනුවෙන් නම් වි.දිවයිනේ ප්‍රකට චිත්‍ර ශිල්පීන් ගණනාවක් මෙහි ප්‍රදර්ශනය පවත්වා ඇත.

 5.පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ


ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ කාර්යාලය මෙලෙස කලාගාරයක් හා cafe එකක් බවට පත්ව තිබේ.ඔහුගේ අභාවයට පෙර මෙය ඇති කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. කොළඹ3 ඇල්ෆ්‍රඩ් හවුස් garden හි පිහිටා ඇති මෙය කලාකාමීන් අතර ජනප්‍රිය ස්ථානයක.1987 දී අරඹන ලදී.කලාගාරය ස්ථාපිත වූයේ 1998 දීය.paradise road යනු යනු මේ වන විට ප්‍රකට සන්නාමයකි.එය අන්තර්ජාතික අවධානයට ලක්ව ඇත.නිර්මාතෘ උදයශාන්ත ජේ.ෆර්නැන්ඩ ය.මේවා කලාගාරය සතුව විශිෂ්ට චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ එකතුවක් තිබේ. එහි චිත්‍ර ප්‍රදර්ශනය ද පැවැත්වේ. විදේශීය සංචාරකයන්ගේද ආකර්ෂණයට ආකර්ශණයට ලක් වූ ස්ථානයකි.


 

10 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...