Friday, December 2, 2022

ජීවිතය වෙනස් කරන කියමන්

ජීවිතය වෙනස් කරන කියමන්


"Not how long but how well you have lived is the main thing"(Seneca)

අපේ ජිවිතයේ වටිනාකම තීරණය වන්නේ අප කෙතරම් කාලයක් ජිවත් වුවාද යන්න මත නොව, කෙතරම් යහපත් ලෙස ජිවත් වුවාද යන්න මතයි. ඒ නිසා හැකි තරම් වසර ප්‍රමාණයක් ජිවත් වීමට ප්‍රර්ථනා කරනවාට වඩා අප කළ යුත්තේ, අපේ ජිවිතයේ ගුණාත්මක වෙනසක් ඇති කර ගැනීමයි.

"I love those who can smile in trouble" (Leonado da vinci)

ප්‍රශ්න වල දී හිනාවෙලා එය බාර ගන්න හැමෝටම බැහැ. හුඟක් අය කරන්නේ අඬලා වැලපිලා ප්‍රශ්නෙට වෛර කරන එකයි. ඒත් ප්‍රශ්න කියන්නෙත් ජීවිතේම කොටසක්.ප්‍රශ්න ඇති උනාම වුනාම අපිට ඉගෙනගන්න දේවල් ගොඩක් එහි තියෙනවා. අපේ ජීවිත සවිමත් කරගන්න ප්‍රශ්න උපකාරයක් වෙනවා.

"Life is what happers when you're busy making other plans"(Jhon Lennon)

ජීවිතය අපිට සැලසුම් කරන්න බැහැ. මොනතරම් සැලසුම් කළත් ඒවා සිදු නොවී සිහිනෙකින්වත් නොසිතූ දේවල් සිදුවන  අවස්ථා තිබෙනවා.ඇත්තටම ජීවිතය කියන්නේ අපි සැලසුම් සකසන්න මහන්සි වෙමින් ඉන්න අතරේ ඉබේටම සිදුවන දේවල් වලටයි.

"It is better to be hated for what you are than to be loved for what you are not"(Andre Gide)

තමන් දැන් සිටින තත්ත්වයට සහ දැන් තමන් සතු දෙයට ආදරය කරන මිනිසුන් හරිම අඩුයි.ඒ වෙනුවට ගොඩක් දෙනා කරන්නේ තමන්ගේ නැති දේ ගැන දුක් වීමයි.ඒත් තමන් සතු දේට ආදරය කරන්නට පුරුදු වීමෙන් සතුටින් ජීවත් විය හැකියි.

"Be happy for this moments.This moment is your life"(Omar Khayyam)

ජීවිතය නතර වෙන්නේ කොයි මොහොතේ ද කියලා අප කවුරුවත් දන්නේ නැහැ.ඉතින් ජීවත්වෙන මේ මොහොත සතුටින් ගත කිරීමට අපි උත්සාහ දැරිය යුතුයි.

"Very little is needed to make a happy life.it is all within youself.in your way of thinking"(Marcus Aurelius)

සතුටින් ජීවත් වීම සඳහා අවශ්‍ය වන්නේ කුඩා දේවල් කීපයක් පමණයි. නමුත් ඔබට සතුටින් ජීවත්වීමට ලැබෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ  ඔබ සිතන ආකාරය අනුවයි. තමන් සතු කුඩා දේවල් වලට ආදරය කරන සමහරු සතුටින් ජීවත් වන අතර තමන් සතුව කෙතරම් දේවල් තිබුනත් ඒවා මදි යැයි සිතන තවත් සමහරු ජීවිතය දුකින් ගත කරනවා.




3 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...