වෙන කවුද දන්නේ
කොතෙක් ගංගා ගලා මිහිකත
පුබුදුවන වග පැවසුවත්
ගඟයි දන්නේ මිහිකතෙන් දුන්
ගල් පරයකට වන රිදුම්...
වෙන කවුද දන්නේ
කොතෙක් ගංගා ගලා මිහිකත
පුබුදුවන වග පැවසුවත්
ගඟයි දන්නේ මිහිකතෙන් දුන්
ගල් පරයකට වන රිදුම්...
උන්ගේ දවස
හදකටත් පුළුවන්ලු
ආදරේ පෙරලන්න
තරු නෙවෙයි බිම බලන්
වැටෙන ගල් පතුර කට
දවසකට පුලුවන්ද
එක් දිනක් අරගන්න
ගිනි දිලෙන හද පතුල්
සිසිලසින් සෝදන්න?
තැවි තැවී හිරුගේ වට
කරකැවී රගනු මිස
"ඔව් අපිට වැලන්ටයින්
මේ මගේ කෙල්ල
මේ මගෙ කොල්ලා
අපි හරිම ආදරෙන්
උබ මගේ වැලන්ටයින්
මං උබේ වැලන්ටයින් "
උන්ගේ පෙම් කවි අතර
තියේ එක හිස්තැනක්
එළවැටත් හතිදාන
මහලු කෘශ පරඩැලක්
උන්ට උන් පෙම් කරන
එක් දිනක් පමණක් ය
තුන්සිය හැට පහම
මදි වෙච්ච සිත් අතර
සක්මනක කවි කුසුම්
කළු හැඳි නුබ ගැබට හොරෙහින් පය උස්සා
නිසල ව පසු නොකර යන රතු සුදු වැලි පරයා
හිමිහිට දින පොතේ රතුපැහැ පිටු පෙරලා
කුමකට කියවම් ද නිහඬව යනු මිසෙකා
දහවල වාගේය නැත රෑ මනරම්ය
මනරම් වාගේය රුදුරුය ගොරහැඬි ය
ගොරහැඬි වුවද සවනත කට මී පැණිය
තුන් යම් මොකට රෑයම හොඳහැටි කළුය
කිමිදෙන සිත්මිණ ට පසෙකින් සැනසෙන්න
විගහට නිවස වෙත පා එසවිය යුතුය
එහි වෙන මගේ සද පතිනිය රූබර ය
ඇඳ මගෙ සඳය රජදහනෙහි අග බිසව...
සන්නිවේදනය බලය වේ.
"දැනුම බලය වේ" යන්න ප්‍රකට කියමනකි. දැනුම යනු තොරතුරකි. දැනුම් උත්පාදනයට තොරතුරු සන්නිවේදනය මූලික වේ.එනම් මිනිසා දැනුම රැස් කරන්නේ තමා විසින් ම විවිධ ආකාරයෙන් ලබා ගන්නා තොරතුරු පදනම් කරගනිමිනි.ඒ අනුව දැනුම ගොඩනැඟෙන්නේ තොරතුරු මත පදනම්ව ය. තොරතුරු ලබා ගැනීම සඳහා සන්නිවේදනය පදනම වේ.එබැවින් දැනුම ගොඩනැඟෙන බලයේ පදනම වන්නේ සන්නිවේදනය යි.මේ නිසා සන්නිවේදකය බලය වන බව කිව හැකිය.
අනික් අතට බලය හා නායකත්වය අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවකි. සමූහයක නායකයා සිය නායකත්වය රැක ගනුයේ සන්නිවේදනය උපයෝගි උපයෝගි කරගනිමිනි.එතුළින් සිය සමූහයේ සාමාජිකයින් සමග සබඳතා ගොඩනඟා ගනිමින් හා සහයෝගය ලබා ගනිමින් බලය තහවුරු කර ගනියි. නායකයාට සිය කණ්ඩායම් සහයෝගය අහිමි වූ දින නායකත්වය ද අහිමි වේ. නායකත්වය රැක ගැනීම සඳහා සන්නිවේදනය තුළින් බලය ගොඩනගාගැනීම ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනාගත හැකිය.මේ නිසා නායකත්වය ලැබීමට මෙන්ම රැක ගැනීමට ද සෙසු අයගේ පක්ෂපාතීත්වය ලබාගැනීමටද සන්නිවේදනය අවශ්‍ය වේ.අන් අයගේ එකඟතාව අනුමැතිය හා කැමැත්ත දිනා ගැනීම සඳහාද සන්නිවේදනය අවශ්‍ය වෙයි. මේ සියල්ල සඳහා නායකයා හොඳ සන්නිවේදකයෙක් විය යුතුය.
එමෙන්ම අධ්‍යාත්මික,ආගමික,දේශපාලන,වාණිජ ආදි ක්ෂේත්‍රයන් හි ද මෙම තත්වය දැකිය හැකිය. සියලු ආකාරයේ සන්නිවේදන වර්ග බලය උත්පාදනය ට අවශ්‍ය පසුබිම සැකසීමට උදව් වෙයි. මේ නිසා "සන්නිවේදනය බලය වේ" යැයි කිව හැකිය.
කළුවර
සන්සුන්ව ඇවිදින්න
බිම නිදන බොරළු කැට
නිදිවදින හඬ අහන්න
සුදු වත ට හැඩ වෙච්ච
කහපාට මන්තිරු
එගොඩ වන වැසි දනන්
නෙත යොමන අනග ඇස්
නිවි නිවී පත්තු වෙන
නිවන දුටු හිමි පිළිම
නිස්සාර සංසාර
තතු දකින සෙයියාව
කොනක හිඳ නරඹන්න
නිහඬ නිසල ව තුරුද පත්‍ර ද
එකිනෙකා වෙත ගොතන කවි පද
එයින් එක දෙක වැළඳ දෝතට
නිසාචරයකු රැගෙන යන රඟ
ලොවක් නිදියන
අහස් කුස යට
ලොවක් හිමිහිට
තැනෙන විස්මය...
ටිකට් එක
හති අරින බස් කට්ටෙ
ඉදිරි දොර මුර තියන්
කෑ ගසා හතිලමින්
පුරවගත්තා මම හිස් ගොඩක්
බසය දුම් දමා යන අතරෙ
කැඩුවා සුදු කඩදහි ටිකක්
පුරවගත් ඒ හිස් ගොඩට මම
දුන්නා ඒ කඩදහි ටිකත්
එකී හිස් ගොඩ
මටත් අද දුන්නෙ
පුරුදු රුපියල්
සත ටිකක්
රජ වාසලෙන් එලියට ඇදෙන ඒ
බලු නකුටු කොලු පිරිස පුරවන්
සරසවියේ දොර ළඟට අද්දල
නැවැත්තුවා ලංගමේ බසයත්
පසු දොරින් ඇතුළට පැමිනියා
පුරුදු සුවදට මුසු වූ දෙනෙත්
මැව්ව ආපහු මගේ සිත්තම
අතීතය ඔලුවට කඩං
ළඟට ගිය කල ටිකට් කඩනට
නො බැලුවෙමි ඇගෙ රන්වන් දෙනෙත්
එහෙත් බැලුවෙමි කුමරුවා දෙස
මවා ගත් මගෙ වපරැසින්
තිස් අටේ දිය කරනු නො හැකිය
ඔබෙන් පැළදි ඒ මතකය කිසිත්
ඔබෙ කුමරා නො වූයේ අද
අරුම කොන්දෙකු වූ බැවින්
සිතා සිටියෙමි බී.ඒ කරන්නට
ඔබත් එක්කල සරසවි බිමේ
ගත්ත ප්‍රතිපල මට දුන්නෙ අද
ටිකට් කඩනට ලංගමේ
බසින්නට මොහොතකට මත්තෙන්
සුබ පතමි හද පුරා සෙනෙහෙන්
ඔබට මිස වෙන වෙනකෙකුට නොකැඩූ
ටිකට් එක ඇත මගේ හදවතේ...
සංචාරක පාරාදීසයක් බඳු වූ ශ්‍රී ලංකාව
ඉන්දියන් සාගරයේ සැඟවුණු නිධානය ශ්‍රී ලංකාවයි. අද්විතීය ජෛව විවිධත්වයකින් හෙබි ශ්‍රී ලංකාව ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි.එය අපගේ මාතෘ භූමිය වීම මහත් අභිමානයකි.
ශ්‍රී ලංකාව විදේශ සංචාරකයන්ගේ පාරාදීසයකි.සෘතු භේදය ක්‍රියාත්මක වන බොහෝ රටවල සංචාරකයෝ තම නිවාඩු කාලය ගත කිරීමට ශ්‍රී ලංකාව තෝරා ගනිති.ශ්‍රී ලංකාවේ වසන්ත සමය උදා උදාවීමත් සමග සංචාරකයෝ වැල නොකැඩී මෙරටට පැමිණෙන්නේ කාන්දමට ඇදී එන්න සේය.
මෙහි පැමිණෙන සංචාරකයෝ බොහෝ දේ අපේක්ෂා කරති.අතීතයෙන් අපට උරුම වූ ප්‍රෞඩ ජාතියක අනන්‍යතාවය රැකදෙන විවිධ විශ්මිත නිර්මාණ නැරඹීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි. අනුරාධපුර පූජා නගරය පොළොන්නරුව පෞරාණික නගරය මහනුවර පූජා නගරය සීගිරිය ආදී පුරාවිද්‍යා ස්ථානවල ඇති වැව් අමුණු වෙහෙර විහාර දාගැබ් පිළිම නටබුන් ආදිය එවන් සංචාරක ආකර්ශනයක් සහිත නිධානයන් වේ.
"පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය" ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් සෙසු දිවයින් පරදවන්නේ ය. රට වටා ඇති මුතු ඇල්ලූ සළුවක් සේ පෙනෙන ඉන්දීය මහා සාගරය සංචාරකයන්ට චිත්තාකර්ෂණීයය. රට මැද අපූරු ජෛව විවිධත්වයක් ඇති කරවන ගස්වල්සහ සතුන් බහුල ස්වභාවික පාරාදීසයකි. නුවරඑළිය ,බදුල්ල ,සිංහරාජ ,වස්ගමුව ,ජාතික උද්‍යානය ආදිය එවන් පාරාදීසියකි.මේ සියල්ලට වශීවන විදේශ සංචාරකයෝ ශ්‍රී ලංකාව මහත් ඉහළින් පිළිගෙන පැසසුම් කර පිටව යන්නේ නැවත පැමිණීමේ බලාපොරොත්තුව ඇතිවය.
සංචාරක ව්‍යාපාරය මාර්ගයෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා දෙන මෙම ජාතික උරුමයන් වර්තමානය වනවිට විනාශ මුඛයට යමින් පවතින බව විද්වතුන්ගේ අදහසයි.වර්තමානයේ දේශ හිතෛෂීහු අල්ප ය.අද ඉන්නේ පෞරාණික නගර වල පිළිම කඩා නිධන් හාරන සොරුන් ය. පූජා නගරවල රිය සංදර්ශන පවත්වා අශෝභන ලෙස හැසිරෙන ධන කුවේරයන්ය.ස්වාභාවික වනාන්තර වලින් ජාන සොරකම් කරන විද්‍යාඥයන් ය.
රටක් ලෝකයා ඉදිරියේ බැබළෙන්නේ එහි වූ සංස්කෘතික අනන්‍යතාව හේතුවෙනි . අනාගත පරපුර සඳහා සංස්කෘතික දායාද රැකගැනීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමකි.
මල් කෙල්ල
කන්ද අද්දර සුදු පාට මල් පොකුරු ගණනින් අහුලලා
පහල වැව් කණ්ඩියේ ඉදගෙන එකිනෙක ගෙන දෝවලා
තියෙන පින පව් දෙක තුන හමාරක් එවපු දෙයියන්ටත් පුදා
අදත් යන්නෙමු පුයර තවරන් බුදුන් දකිනා මල් නෙලා
අදත් හරියට මාස දෙකකුත් දින තුනක් පහු වී එදා
තනියා ඇවිදින් අරන් ගිය පිය සුවඳ නියගය පිච්චුවා
රෝස කැකුළට කටු අරන් සුවයෙන් නිදන්නට ඇති නිසා
නෙලනවා මල් නෙලනවා අද අපෙන් ගමු නේ මාත්තියා
ඊයෙ උඩහින් ආපු වැස්සට දෙගොඩ තලලා රිද්දලා
පොළෝ ගැබ ඉකිබිඳින හඬ කට දෑස් දෙක මගේ තෙත් වුණා
රෝස කැකුළට රෝස මිස කළුපාට තවරනු බැරි නිසා
රෑට අයිතිය බෙදාගනු වස් ටවුම හෙමිහිට මුර කළා
සුදු පාට රන් කාල පෑ හම් ඇස් වසාගෙන මිරිකලා
ගියෙමි කුස් පුරවන්න ගෙදරක තනිව ඇති ලෝකය බලා
එකී ලෝකයේ තනිය මකනට තනියා ඇවිදින් ගොඩවෙලා
කටුව පීදී එන ගමන් තිබූ රෝස මල ගෙන හැංගිලා
වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...