Saturday, December 17, 2022

වෙන කවුද දන්නෙ?

 වෙන කවුද දන්නේ



කොතෙක් ගංගා ගලා මිහිකත

පුබුදුවන වග පැවසුවත්

ගඟයි දන්නේ මිහිකතෙන් දුන්

ගල් පරයකට වන රිදුම්...




උන්ගේ දවස

 උන්ගේ දවස



හදකටත් පුළුවන්ලු

ආදරේ  පෙරලන්න

තරු නෙවෙයි බිම බලන්

වැටෙන ගල් පතුර කට


දවසකට පුලුවන්ද

එක් දිනක් අරගන්න

ගිනි දිලෙන හද පතුල්

සිසිලසින් සෝදන්න?


තැවි තැවී හිරුගේ වට

කරකැවී රගනු මිස


"ඔව් අපිට වැලන්ටයින් 

මේ මගේ කෙල්ල

මේ මගෙ කොල්ලා

අපි හරිම ආදරෙන්

උබ මගේ වැලන්ටයින් 

මං උබේ වැලන්ටයින් "


උන්ගේ පෙම් කවි අතර

තියේ එක හිස්තැනක්

එළවැටත් හතිදාන

මහලු කෘශ පරඩැලක්


උන්ට උන් පෙම් කරන

එක් දිනක් පමණක්‍ ය

තුන්සිය හැට පහම

මදි වෙච්ච සිත් අතර
















Thursday, December 15, 2022

සක්මනක කවි කුසුම්

 සක්මනක කවි කුසුම්



කළු හැඳි නුබ ගැබට හොරෙහින් පය උස්සා

නිසල ව පසු නොකර යන රතු සුදු වැලි පරයා

හිමිහිට දින පොතේ රතුපැහැ පිටු පෙරලා

කුමකට කියවම් ද නිහඬව යනු මිසෙකා


දහවල වාගේය නැත රෑ මනරම්ය

මනරම් වාගේය රුදුරුය ගොරහැඬි ය

ගොරහැඬි වුවද සවනත කට මී පැණිය

තුන්‍ යම් මොකට රෑයම හොඳහැටි කළුය


කිමිදෙන සිත්මිණ ට පසෙකින් සැනසෙන්න

විගහට නිවස වෙත පා එසවිය යුතුය

එහි වෙන මගේ සද පතිනිය රූබර ය

ඇඳ මගෙ සඳය රජදහනෙහි අග බිසව...




සන්නිවේදනය බලය වේ.

 සන්නිවේදනය බලය වේ.



"දැනුම බලය වේ" යන්න  ප්‍රකට කියමනකි. දැනුම යනු තොරතුරකි. දැනුම් උත්පාදනයට තොරතුරු සන්නිවේදනය මූලික වේ.එනම් මිනිසා දැනුම රැස් කරන්නේ තමා විසින් ම විවිධ ආකාරයෙන් ලබා ගන්නා තොරතුරු පදනම් කරගනිමිනි.ඒ අනුව දැනුම ගොඩනැඟෙන්නේ තොරතුරු මත පදනම්ව ය. තොරතුරු ලබා ගැනීම සඳහා සන්නිවේදනය පදනම වේ.එබැවින් දැනුම ගොඩනැඟෙන බලයේ පදනම වන්නේ සන්නිවේදනය යි.මේ නිසා සන්නිවේදකය බලය වන බව කිව හැකිය.

අනික් අතට බලය හා නායකත්වය අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවකි. සමූහයක නායකයා සිය නායකත්වය රැක ගනුයේ සන්නිවේදනය උපයෝගි උපයෝගි කරගනිමිනි.එතුළින් සිය සමූහයේ සාමාජිකයින් සමග සබඳතා ගොඩනඟා ගනිමින් හා සහයෝගය ලබා ගනිමින් බලය තහවුරු කර ගනියි. නායකයාට සිය කණ්ඩායම් සහයෝගය අහිමි වූ දින නායකත්වය ද  අහිමි වේ. නායකත්වය රැක ගැනීම සඳහා සන්නිවේදනය තුළින් බලය ගොඩනගාගැනීම ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනාගත හැකිය.මේ නිසා නායකත්වය ලැබීමට මෙන්ම රැක ගැනීමට ද සෙසු අයගේ පක්ෂපාතීත්වය ලබාගැනීමටද සන්නිවේදනය අවශ්‍ය වේ.අන් අයගේ එකඟතාව අනුමැතිය හා කැමැත්ත දිනා ගැනීම සඳහාද සන්නිවේදනය අවශ්‍ය වෙයි. මේ සියල්ල සඳහා නායකයා හොඳ සන්නිවේදකයෙක් විය යුතුය.

එමෙන්ම අධ්‍යාත්මික,ආගමික,දේශපාලන,වාණිජ ආදි ක්ෂේත්‍රයන් හි ද මෙම තත්වය දැකිය හැකිය. සියලු ආකාරයේ සන්නිවේදන වර්ග බලය උත්පාදනය ට අවශ්‍ය පසුබිම සැකසීමට උදව් වෙයි. මේ නිසා "සන්නිවේදනය බලය වේ" යැයි කිව හැකිය.

කළුවර

  කළුවර



හඳත් නිදි කළුයමක

සන්සුන්ව ඇවිදින්න

බිම නිදන බොරළු කැට

නිදිවදින හඬ අහන්න


සුදු වත ට හැඩ වෙච්ච

කහපාට මන්තිරු

එගොඩ වන වැසි දනන්

නෙත යොමන අනග ඇස්


නිවි නිවී පත්තු වෙන

නිවන දුටු හිමි පිළිම

නිස්සාර සංසාර

තතු දකින සෙයියාව


කොනක හිඳ නරඹන්න

නිහඬ නිසල ව තුරුද පත්‍ර ද

එකිනෙකා වෙත ගොතන කවි පද

එයින් එක දෙක වැළඳ දෝතට

නිසාචරයකු රැගෙන යන රඟ


ලොවක් නිදියන

අහස් කුස යට

ලොවක් හිමිහිට

තැනෙන විස්මය...


ටිකට් එක

 ටිකට් එක


හති අරින බස් කට්ටෙ

ඉදිරි දොර මුර තියන්

කෑ ගසා හතිලමින්

පුරවගත්තා මම හිස් ගොඩක්

බසය දුම් දමා යන අතරෙ

කැඩුවා සුදු කඩදහි ටිකක්

පුරවගත් ඒ හිස් ගොඩට මම

දුන්නා ඒ කඩදහි ටිකත්

එකී හිස් ගොඩ

මටත් අද දුන්නෙ

පුරුදු රුපියල් 

සත ටිකක් 


රජ වාසලෙන් එලියට ඇදෙන ඒ

බලු නකුටු කොලු පිරිස පුරවන්

සරසවියේ දොර ළඟට අද්දල

නැවැත්තුවා ලංගමේ බසයත්


පසු දොරින් ඇතුළට පැමිනියා

පුරුදු සුවදට මුසු වූ දෙනෙත්

මැව්ව ආපහු මගේ සිත්තම

අතීතය ඔලුවට කඩං


ළඟට ගිය කල ටිකට් කඩනට

නො බැලුවෙමි ඇගෙ රන්වන් දෙනෙත්

එහෙත් බැලුවෙමි කුමරුවා දෙස

මවා ගත් මගෙ වපරැසින්


තිස් අටේ දිය කරනු නො හැකිය

ඔබෙන් පැළදි ඒ මතකය කිසිත්

ඔබෙ කුමරා නො වූයේ අද

අරුම කොන්දෙකු වූ බැවින්


සිතා සිටියෙමි බී.ඒ කරන්නට

ඔබත් එක්කල සරසවි බිමේ

ගත්ත ප්‍රතිපල මට දුන්නෙ අද

ටිකට් කඩනට ලංගමේ


බසින්නට මොහොතකට මත්තෙන්

සුබ පතමි හද පුරා සෙනෙහෙන්

ඔබට මිස වෙන වෙනකෙකුට නොකැඩූ

ටිකට් එක ඇත මගේ හදවතේ...

































Wednesday, December 14, 2022

 ෆයිනල්





ඇවිද යන අතර මග

දුටුවාද බිම නිදන

මතක බඳුනෙන් පිරී ඉතිරුණු

මේක හිනැහෙන සමරු සටහන්?


දුටුමි මම  දුටිමි 

පයේ සැතපෙන තණ පිඩැලි මත

කොඳුරමින් නිදනා සිනා හඬ


පවන සමගින් මුසුව එන රඟ

නුරා  කැළුමන් මත එතෙන වග

තවත්  වසකට බලාගෙන හිඳ

උඹත් එක්කල යන්නේ වයසට






සංචාරක පාරාදීසයක් බඳු වූ ශ්‍රී ලංකාව



ඉන්දියන් සාගරයේ සැඟවුණු නිධානය ශ්‍රී ලංකාවයි. අද්විතීය ජෛව විවිධත්වයකින් හෙබි ශ්‍රී ලංකාව ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි.එය අපගේ මාතෘ භූමිය වීම මහත් අභිමානයකි.

ශ්‍රී ලංකාව විදේශ සංචාරකයන්ගේ පාරාදීසයකි.සෘතු භේදය ක්‍රියාත්මක වන බොහෝ රටවල සංචාරකයෝ තම නිවාඩු කාලය ගත කිරීමට ශ්‍රී ලංකාව තෝරා ගනිති.ශ්‍රී ලංකාවේ වසන්ත සමය උදා උදාවීමත් සමග සංචාරකයෝ වැල නොකැඩී මෙරටට පැමිණෙන්නේ කාන්දමට ඇදී එන්න සේය.

මෙහි පැමිණෙන සංචාරකයෝ බොහෝ දේ අපේක්ෂා කරති.අතීතයෙන් අපට උරුම වූ ප්‍රෞඩ ජාතියක අනන්‍යතාවය රැකදෙන විවිධ විශ්මිත නිර්මාණ නැරඹීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි. අනුරාධපුර පූජා නගරය පොළොන්නරුව පෞරාණික නගරය මහනුවර පූජා නගරය සීගිරිය ආදී පුරාවිද්‍යා ස්ථානවල ඇති වැව් අමුණු වෙහෙර විහාර දාගැබ් පිළිම නටබුන් ආදිය එවන් සංචාරක ආකර්ශනයක් සහිත නිධානයන් වේ.

"පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය" ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් සෙසු දිවයින් පරදවන්නේ ය. රට වටා ඇති මුතු ඇල්ලූ සළුවක් සේ පෙනෙන  ඉන්දීය මහා සාගරය සංචාරකයන්ට චිත්තාකර්ෂණීයය. රට මැද අපූරු ජෛව විවිධත්වයක් ඇති කරවන ගස්වල්සහ සතුන් බහුල ස්වභාවික පාරාදීසයකි. නුවරඑළිය ,බදුල්ල ,සිංහරාජ ,වස්ගමුව ,ජාතික උද්‍යානය ආදිය එවන් පාරාදීසියකි.මේ සියල්ලට වශීවන විදේශ සංචාරකයෝ ශ්‍රී ලංකාව මහත් ඉහළින් පිළිගෙන පැසසුම් කර පිටව යන්නේ නැවත පැමිණීමේ බලාපොරොත්තුව ඇතිවය.

සංචාරක ව්‍යාපාරය මාර්ගයෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා දෙන මෙම ජාතික උරුමයන් වර්තමානය වනවිට විනාශ මුඛයට යමින් පවතින බව විද්වතුන්ගේ අදහසයි.වර්තමානයේ දේශ හිතෛෂීහු අල්ප ය.අද ඉන්නේ පෞරාණික නගර වල පිළිම කඩා නිධන් හාරන සොරුන් ය. පූජා නගරවල රිය සංදර්ශන පවත්වා අශෝභන ලෙස හැසිරෙන ධන කුවේරයන්ය.ස්වාභාවික වනාන්තර වලින් ජාන සොරකම් කරන විද්‍යාඥයන් ය. 

රටක් ලෝකයා ඉදිරියේ බැබළෙන්නේ එහි වූ සංස්කෘතික අනන්‍යතාව හේතුවෙනි . අනාගත පරපුර සඳහා සංස්කෘතික දායාද  රැකගැනීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමකි.

Tuesday, December 13, 2022

 නුඹ ම මිස



බැලූ බැලූ තැන උඩ ද පහළ ද

වටේ හැමතැන ඇඳුනු රූපය

නුඹම මිස වෙන කුමක් වන්නද

සඳේ උරුමය අහස වූ කල..





 ප්‍රේමයත් පොටි වුණු බිතක්



කොහේ හෝ දුර ඈත කෙලවර  වෙන්වෙලා ඇති කෙම් බිමක් 

කන්ද මුදුනක නිහඬ වන මැද තියේ අපිටම හිස්තැනක්

රම්‍ය සුර සුභ නොමැති කටුමැටි ගහපු කොන් හතරක වුවත් වුවත්

තව්තිසාවක් මවනු නොහැකිද ප්‍රේමයක් පොටි වුණු බිතක්



මල් කෙල්ල 



කන්ද අද්දර සුදු පාට මල් පොකුරු ගණනින් අහුලලා

පහල වැව් කණ්ඩියේ ඉදගෙන එකිනෙක ගෙන දෝවලා

තියෙන පින පව් දෙක තුන හමාරක් එවපු දෙයියන්ටත් පුදා

අදත් යන්නෙමු පුයර තවරන් බුදුන්  දකිනා මල් නෙලා


අදත් හරියට මාස දෙකකුත් දින තුනක් පහු වී එදා

තනියා ඇවිදින් අරන් ගිය පිය සුවඳ නියගය පිච්චුවා

රෝස කැකුළට කටු අරන් සුවයෙන් නිදන්නට ඇති නිසා

නෙලනවා මල් නෙලනවා අද අපෙන් ගමු නේ මාත්තියා


ඊයෙ උඩහින් ආපු වැස්සට දෙගොඩ තලලා රිද්දලා

පොළෝ ගැබ ඉකිබිඳින හඬ කට දෑස් දෙක මගේ තෙත් වුණා

රෝස කැකුළට රෝස මිස කළුපාට තවරනු බැරි නිසා

රෑට අයිතිය බෙදාගනු  වස් ටවුම හෙමිහිට මුර කළා


සුදු පාට රන් කාල පෑ හම් ඇස් වසාගෙන මිරිකලා

ගියෙමි කුස් පුරවන්න ගෙදරක තනිව ඇති ලෝකය බලා

එකී ලෝකයේ තනිය මකනට තනියා ඇවිදින් ගොඩවෙලා

කටුව පීදී එන ගමන් තිබූ රෝස මල ගෙන හැංගිලා



විප්ලවයටත් මහන්සියි



කන්ද උඩහින් අදත් හවසට

බැහැලා යන හැටි කරුම රතු ඉර

මතක් වෙනවා හිටිහැටියේ මට

අම්මාගේ කෙදිරිල්ල අරගෙන


මාස හයකින් ගමට එන්නට

බැරි වුණා විප්ලවයේ තාඩන

නංගියේ අපේ පැටවු දවසක

හුස්ම ගත යුතු නැද්ද පොළවක


අපේ කඳුලට කින්ඩි දාගෙන

යකඩ බම්බුවේ සෙම පෙරාගෙන

ඊයේ මා හමුවෙන්න ආවා 

ගෑස් නැති කඳුලක විලාපය


තාත්තෙ මට බැරි වෙන්න ඇති

උඹ කියූ ලොකු මිනිහා වෙන්නට

හැබැයි කොහේ හරි ලියැවේවි හෙට

ලොකු මිනිස්සුන් හදපු රට ගැන


විප්ලවය ටත් මහන්සිය

හැමදාම නාලා සෙම අමාරුව

අදත් යන්තම් බඩට වැටුණා

තිහේ ගල් වැලි මිශ්‍ර බත් පත


මතක් වෙනවා හෙට අනිද්දා

අතේ දරනට තියෙන බම්බුව

එවිට මගේ හිත ගලක් වෙනවා

අම්මගේ පෑදුණු නහර ලග


අම්මේ උඹේ පොඩි පුතා එනවා

අද ම හෝ හෙට අනිද්දා දින

විප්ලවේ අපි බලාගන්නවා

අපිව විප්ලවෙ බලා ගද්දිම...


 



Saturday, December 10, 2022

අපි නොහිතන අපේ සෞඛ්‍ය 



ඔය සෞඛ්‍ය සම්පන්න පුරුදු කියන එක ගැන අපි ගොඩක් දෙනෙක්ට පුංචි කාලේ ඉඳලම කියලා දෙනවනේ. හැබැයි ඉතින් එහෙම පුංචි කාලේ ඉඳලම කියලා දීපු යහපත් සෞඛ්‍ය පුරුදු වැඩිහිටි වියට ඇවිල්ලත් පිළිපදින්නේ ඉතින් එහෙමත් කෙනෙක් තමයි. හැබැයි ප්‍රශ්නේ මේකයි. ඔය සෞඛ්‍ය සම්පන්න පුරුදු තේරුමක් නැහැයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි එක මොහොතකදී අපේ ශරීර සෞඛ්‍යයට ඔය යහපත් සෞඛ්‍ය පුරුදු නැති කමෙන් තර්ජන එල්ල වෙන්නත් පුළුවන්. අපි පුරුදු වෙමු මෙන්න මේ කියන, අපි වැඩි දුර හිතන්නේ නැති, ලොකු වැඩක් නෑ වගේ කියලා හිතන යහපත් සෞඛ්‍ය පුරුදු අපේ ජීවිතේටත් ඇතුළත් කරගන්න. 

1.පිරිසිදු තුවායක් නැද්ද?



මේක සාමාන්‍යයෙන් ගොඩක් කොල්ලෝ සහ ටිකක් කෙල්ලෝ කරන දෙයක්. ඒ කියන්නේ ගොඩක් දෙනෙක්ගේ තුවාය ගත්තොත් ඕන නං දොර වැහෙනවට ලෑල්ලක් විදියට හේත්තු කරන්නත් පුළුවන්. අන්තිමට තුවාය හෝදලා තියෙන්නේ චන්ද්‍රිකා ආණ්ඩුව තියෙන කාලේ. හා බොරුද? තුවාය දුඹුරු පාටට තිබ්බට, හෝදලා බැලුවොත් තේරෙයි ඇත්තටම කහ පාට තුවායක් කියලා.මේක ඉතාම අහිතකර සෞඛ්‍ය පුරුද්දක්. මේකෙන් රටේ නැති චර්ම රෝග, දිලීර හැදෙන්න පුළුවන්. අපේ උපදෙස් මේකයි. මූණ පිහිදන තුවායෙන් පස්ස පිහිදුවට කමක් නෑ. හැබැයි තුවාය දවස් පහකට සැරයක් වත්, උපරිම සතියකට සැරයක්වත් හෝදන්න. නාලා ඇවිත් තුවායෙන් පිහිදන හැම වෙලේම ඒක ගුලි කරලා කොහේ හරි ඔබන්නෙ නැතුව අව්වට දාලා ගන්න. හොඳම දේ තුවා දෙකක් පාවිච්චි කරන එක මාරුවෙන් මාරුවට.

2.ඔන්න ඔහේ කාලම අත හෝදමු.


අපේ ගොඩක් දෙනෙක් ඉන්නවා ඌරන්ට මොන සෞඛ්‍ය කියලා කන්නවත් අත නොසෝදන. මෙහෙමයි. සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට කන්න එක පාරක් අත නොසේදුවා කියලා බඩේ අමාරුවක් හැදෙන එකක් නෑ. හැබැයි නොහැදෙයි කියලා සහතික වෙන්නත් බෑ. මොකද, අත් සෝදන එක කියන්නේ අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතේ අතිශයින්ම වැදගත් කාරණාවක්. එතකොට ඔය බස් වල සහ වෙනත් පොදු ස්ථාන වල තියෙන හැම දෙයක්ම අල්ලලා කරලා, කුණු දූවිලි පිටින්ම කෑම කනවා කියන්නේ මොන වගේ විෂබීජ තොගයක්  අපි ඇඟ ඇතුළට දාගන්නේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ආන්න ඒ නිසා සබන් යොදා අත් සෝදාගැනීමේ පුරුද්ද අනිවාර්යයෙන් තමන්ගේ ජීවිතේට ඇතුළත් වෙන්න ඕන.

3.බෙඩ්ෂීට් මාරු කරන්නේ කවදද?


මේකත් තුවාය වගේම තමයි. අර බෙට්ෂීට් එකේ නිදාගන්න සෙට් වෙන තැන කළු වෙලා, කොට්ට උරත් ඔලුව හිටින තැන කළු වුනහම තමයි සමහරු බෙඩ්ෂීට් මාරු කරන්නේ. හැබැයි එක්ස්පර්ට්ලා කියන්නේ, හැමදාමත් නිදාගන්නේ එකම ඇඳේ නම් කරුණාකරලා සතියකට සැරයක්වත් බෙඩ්ෂීට් සහ කොට්ට උර මාරු කරන්න කියලා තමයි. එහෙම කියන්න හේතු තියෙනවා. අපි නින්දට ගියත් අපේ ඇඟෙන් දහදිය දානවා. අනික අතිශයින්ම දහදිය දාන කෙනෙක්ට නම් සතියකට අඩු කාලෙකින් වුනත් ඇඳ රෙදි, කොට්ට උර මාරු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් මාරු කරන්නේ නැතුව ඇඳ රෙදි සහ කොට්ට උර පාවිච්චි කරනවා කියන්නේ සෞඛ්‍ය ගැටළු වලට තුඩු දෙන්න පුළුවන් කියන එක. අනික පිරිසිදු ඇඳ ඇතිරිලි උඩ නිදාගන්න ෆීලින් එකම මාරයි

3.ටොයිලට් පේපර් වලින් ෂේප්ද?


මෙන්න මේක ලෝකෙම මතභේදයකට තුඩු දෙන කතන්දරයක්. ඒ තමයි ටොයිලට් ගිහින් ලොකුම වැඩේ කළාට පස්සේ පාවිච්චි කරන්නේ වතුරද, ටොයිලට් පේපර්ස්ද කියන එක. හැබැයි මෙතන කතන්දරේ මේකයි.අපේ රටේ තියෙන ආහාර පුරුදුත් එක්ක හදිසියකට වුනත් ලොකුම වැසිකිළි කර්තව්‍යය කරලා ටොයිලට් පේපර්ස් වලින් පස්ස පිහදාගෙන ෂේප් එකේ ඉන්න එක සෞඛ්‍යය අතින් ගත්තත් අවුල් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. එකක් තමයි යට ඇඳුම් වල ඉතුරු වෙන ගඳ. දෙවෙනි එක තමයි අපි ගන්න ආහාර වලට අනුව තමයි අපේ මළපහ වල ස්වභාවය තීරණය වෙන්නේ. අන්න ඒ මළපහ සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න ටොයිලට් පේපර්ස් වලට කොහොමත් බෑ. අන්න ඒකෙන් විෂබීජ ඉතුරු වෙලා නොයෙකුත් ආසාදන ඇතිවෙන්න පුළුවන්. ආන්න ඒ නිසා ලංකාවේ කෑම කනවා නම්, ටොයිලට් ගිහින් වැඩේ කරලා වතුර දාලා පස්ස හෝදගන්න එක හොඳා.

4.බෑග් එකේ කොටි වලස්සුත් ඉන්නවද?


මේ කතන්දරේ ගොඩක් වෙලාවට බලපවත්වන්නේ පුරුෂ පක්ෂයට නෙවෙයි. මොකද පුරුෂ පක්ෂයේ ගොඩක් දෙනෙක් බෑග් එකක් ගෙනියන්නේ නැති තරම්නේ. හැබැයි කාන්තා පාර්ශවේ ගත්තොත් ඒ අයගේ හෑන්ඩ් බෑග් වල ආයෙ නැති දෙයක් නෑ. ඕක බැලූ බැල්මට නම් සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි නිකමට හිතලා බලන්න, හෑන්ඩ් බෑග් එකක මොන තරම් දේවල් ඔබාගන්නවද කියලා. බාගෙට කාපු කෑම ජාති වල ඉඳලා නොයෙකුත් දේ ඕකේ තියෙනවා. ඔය ඉන්ඩිපෙන්ඩන්ට් එකේ කියනවා ටොයිලට් එකකට වඩා බැක්ටීරියා වර්ග තියෙනවලු සමහරුන්ගේ හෑන්ඩ් බෑග් වල. අන්න ඒ නිසා සති දෙකකට සැරයක් වත් හෑන්ඩ් බෑග් එක, ඔෆිස් ගෙනියන බෑග් එක හොඳින් සුද්ධ පවිත්‍ර කිරීම හොඳ පුරුද්දක්. ඒකෙන් අනවශ්‍ය කුණු කන්දල් බෑග් එක ඇතුළේ ගොඩ ගැහෙන එකත් වළකිනවා. තමන්ගේ සෞඛ්‍යයටත් හොඳක් තියෙනවා. හැබැයි මෙතනදී බෑග් එකේ ඇතුළත පිරිසිදු කරනවා වගේම පිටත පිරිසිදු කරන එක ගැනත් හිතන්න ඕනෑමයි.

5.සපත්තුවල ගඳ එනවද?


සමහරුන්ගේ සපත්තු ගැලෙව්වහම මුළු පළාතම ගඳයි. පූසෙක් එහෙම සපත්තුව ඉව කළොත් එහෙමම කලන්තේ දාලා වැටෙනවා. හැබැයි හරි විදියට සපත්තු පාවිච්චි කරනවා නම් ඔය කරදරේ නෑ. මූලිකම දේ තමයි හොඳට කකුල් හෝදලා, වියලලා තියාගන්න එක. එතකොට පිරිසිදු මේස් පාවිච්චි කරන එක. තෙත පිටින් කකුල් වලට මේස් දැමීම හෝ හරියට වේලුනේ නැති මේස් කකුලට දැමීම හෝ නොකරන එක. එක දිගට එකම සපත්තු කුට්ටමක් පාවිච්චි නොකරන එක. හොඳම දේ තමයි සපත්තු කුට්ටම් දෙකක්වත් මාරුවෙන් මාරුවට පාවිච්චි කිරීම. ඒ වගේම එක දිගට සපත්තු කුට්ටමක් දවස් කීපයක් දාන්න වුනොත් පොඩ්ඩක් අවුවෙන් තැබීම. ආන්න එතකොට ඔය සපත්තු ගඳ එන්නෙ නෑ.




 

 


Friday, December 9, 2022

 හරි අමුතුම බැඳීමක්



වචනයක වෙනසකින් පවා

උඹව හරියටම

තේරුම් ගත්ත

උඹේ ප්‍රශ්නෙකදි

උබටත් වඩා කලබල වුණ


උඹ ගැන හරියටම දන්න

ලොකු විශ්වාසයක් තියෙන

උඹට කිසිදෙයක්

හං ගන්නේ නැතුව

හැමදේම කියන


උඹ ගැන හොයලා බලන

හරි අමුතුම බැඳීමක්

උඹටත් තියේනම්

පරිස්සම් කර ගනින් ඒ බැඳීම


මොකද ඒ බැඳීම ලැබුණේ

උඹේ පෙර පිනකට..

 සහෝදර බැඳීම



ජීවිතේ වැඩියෙන්ම තරහ වුණ

වැඩියෙන්ම යාළු වුණ

ආදරණීය බැඳීම

සහෝදර බැඳීම


ගෙදරදී මරාගත්ත

පිටතදී බලාගත්ත

ලොව ශක්තිමත්ම බැඳීම

සහෝදර බැඳීම


හිටිය මත් එපා වන

ළඟ නැති උනොත් හිත රිදෙන

ලොව ලස්සනම බැඳීම

සහෝදර බැඳීම


ආදරෙයි යැයි නොකියා

ආදරෙයි මහ ගොඩක් දෙන

සදා නොවෙනස් එකම බැඳීම

සහෝදර බැඳීම


Thursday, December 8, 2022

 සතුටු ජීවිතයේ අත්තිවාරම 



කොහොමද බොහෝ විට ඔබ ඔබේ සිතුවිලි අවධානය යොමු කරන්නේ කෙසේද? ඔබ කවුද ඇත්තටම - එක් pessimist හෝ හිතවත් හිතහොඳ මනුස්සයෙක්? ඔබගේ ක්‍රියාව නිරන්තරයෙන් අඳුරු හෝ දුක් නම්, ලෝකය අළු තීන්ත සිත්තම් නම්, ඔබ ධනාත්මක ජීවිතයේ අතුරුදහන් කර ඇත.

ධනාත්මක ආකල්ප - බව ඔබට හැකි විශ්වාසය, ඔබ ලබා ගන්න සෑම වේ. එවැනි විශ්වාසයක් පිටස්තර පමණක් පවත්වා හැක, නමුත් තමා සඳහා සෑම කෙනෙක් ම විය යුතු එය නිර්මාණය කිරීම සඳහා.

තමන් ගැන විශ්වාස කරන්න ධනාත්මකව සිතීමට ඇති හැකියාව, - වැඩ ගොඩක්. බොහෝ ප්රසිද්ධ මනෝ ධනාත්මක චින්තනය නිර්මාණය සංවර්ධනය ක්රම මගේ මුළු ජීවිතය කැප කර ඇත. ඔවුන් සියල්ලෝ ම එක ම පැමිණ ධනාත්මක: අදහස ඔවුන්ගේ උපාංග තුනක් පමණක් වන ආකල්පය. ඔවුන්ගෙන් එක් කෙනෙක් - නිසි ලොව දෙස බැලීමට ඇති හැකියාව, ධනාත්මක චින්තනය වර්ධනය.

ඔව්, ජීවිතය සුභවාදී ආලෝකය අපට හමුවේ පෙනී හැම විටම නොවේ. දෝෂ, දෝෂ, අහිමි වීම, හෝ පාවාදීමක් ඇත. ඒ හැමෝටම, තුවාල. ඔබ තොරතෝංචියක් නැතිව අප්රසන්න කථාංග කරදර නම්, ජීවිතය තවත් නරක ලබා නැත: එය අර්ථය අහිමි වනු ඇත. අපි පවා තත්ත්වයන් අහිමි ධනාත්මක බලන්න ඉගෙන ගැනීමට ඇත. අද වැඩ කටයුතු කළේ නැත? නමුත් එම වරද ඔබ තවදුරටත් ඉවසා බව, ඉන් අදහස් වන්නේ අත්දැකීම්, ලබා ගැනීමට. මිතුරෙකු විසින් පාවා? එහෙත්, ඔබ මිනිසුන්ට වඩා හොඳින් අවබෝධ කර ගැනීම ආලය තෝරා වඩාත් කල්පනාකාරී බවට පත් විය හැකි බවට පත් වේ. ධනාත්මක ආකල්ප සහ ධනාත්මක චින්තනය ජීවිතයේ ධනාත්මක පැත්ත බලන්න හැකියාව ඇති කිරීම පිණිස අවශ්ය වේ.

දෙවන සංරචකය - ඔබ හොඳම විශ්වාස කිරීමට ඇති හැකියාව. ඔබ සාර්ථක බව අප විශ්වාස කරනවා. ඔයා කවදාවත් ව්යාපෘතිය මේ ආකාරයේ සිදු කර ඇත? නමුත් පෙර ඔබ ඇත්තටම කෙසේ දැයි මා දන්නේ නැහැ, දැන් විශේෂඥ බවට පත් වී ඇත. ඔබ තලය නැතුව පාලුයි බයද? එහෙත්, ඔබ කලින් අවදි හා වේලාව මත ගුවන් තොටුපල වෙත ලබා ගැනීමට හැකි වනු ඇත. ක සාර්ථක එවැනි ආකල්පයක් බව ඔප්පු බව ශරීරය spurs ගැන සඳහන් නොකලත්, : සුප්රසිද්ධ විද්යාඥයන් මනුෂ්ය ආශාවන් එය ගැලපීමෙන්, යථාර්ථයක් අපගේ ධනාත්මක සිතුවිලි යහපත් වෙනසක්. හොඳම විශ්වාස - සාර්ථකත්වය ඔබ ඉන්න වෙන්නේ නැහැ.

අවසාන වශයෙන්, තෙවන සංරචකය - ධනාත්මක තහවුරු (අනුමැතිය). මෙම ප්රදේශයේ බොහෝ පර්යේෂකයන් විසින් අධ්යයනය කර ඇත. ඔවුන්ගේ නිගමනය කෙනෙක් ඉක්මනින් සපුරා දේ පිළිබඳ අවධානය යොමු කරමින් අනුමැතිය ප්රකාශ කිරීමට හැකි නම්, මෙම ප්රකාශය අනාගතය සඳහා සකස් නම්, එවැනි පුද්ගලයෙකු මෙන්ම තමන් වෙනස් විය හැක බව පමණක් නොව, ඒ අවට යථාර්ථය.

පළමුව, "පදනම" යන ප්රකාශයේ නිර්මාණය එමිල් Kue. "සෑම දිනකම, මගේ ජීවිතයේ සෑම දිනකම එහි සියලු ප්රකාශනයන් වඩා හොඳ ලබා ඇත: එය මේ වගේ දෙයක් යයි. මම හැම ආකාරයකින් ම වඩා හොඳ දැනෙනවා. " එය ඇදහිය නොහැකි පෙනේ, නමුත් උදෑසන හා තමා නිදාගන්නා පෙර මෙම සූත්රය නැවත නැවත කිරීමට උත්සාහ කරන්න. ඔබ කතා දේ ගැන විශ්වාස, නැවත නැවත සිදු කරන්න. ඔබට වඩාත් හොඳ ජීවන කොපමණ වනු ඇත බලන්න.

ධනාත්මක ආකල්පයක් ඇති කිරීමට නම්, අපි සූදානම් කරන ලද බව තහවුරු කරන ගන්න, හෝ ඔබේ ම නිර්මාණය කළ හැකිය. "මතක තබා ගන්න," මම වඩාත්ම ආකර්ශනීය හා ආකර්ෂණීය වෙමි. " කාන්තාවක් එය ඇත්තටම එවැනි වූ මෙන් දැනෙන්න, ඔහු වැඩ බලන අලංකාරයෙන් ලෙස කටයුතු කර ඇත. විශ්වාසය සමඟ උදෑසන සහ රාත්රී නැවත: "මම - මහා විශේෂඥ, මගේ හැකියාවන් සෑම දිනකම වැඩි දියුණු කර ඇත."

මනෝ වූ යටි මට්ටමින් හැසිරීම ව්යූහගත, මෙම අවස්ථාවලදී හෘදසාක්ෂිය මනස තුළ හැම ආසනයකම ඇති බව ඔප්පු කර තිබෙනවා. එහෙත්, අපේ ශරීර - ඉතා ලාභදායී උපකරණයකි. ඔබ, තමන් සඳහා යහපත තේරුම් විට පමණක් ඔහු යටි මට්ටමින් ක්රියාකාරී වනු ඇත. හෘදසාක්ෂිය මනස, හරි විසඳුම් සොයා අයිතිය ක්රියාමාර්ග ගැනීමට උපකාරී වනු ඇත ඇත.

එය ධන මනෝභාවය සහ නිර්මාණය වන අවස්ථා තිබෙනවා , ජීවිත වෙනස් එකක් තහවුරු සාර්ථක නැත වරක් කියා සිටියේය. නමුත් වන අතර එහි සාර්ථකත්වය හොඳ හාස්ය හා ඇදහිල්ල සාර්ථකත්වය බලපෑමක් ඇති විය හැකිය. , ඔබ ගැන විශ්වාස, අනාගත විශ්වාස තහවුරු කියන්න - සාර්ථක පැමිණ ඇති බව අපට විශ්වාසයි.







 යහපත් අනාගතයක් උදෙසා ආකල්පමය වෙනසක අවශ්‍යතාව



කොරෝනා වසංගතය ඔස්සේ අප වෙත නිකුත් වූ ප්‍රධානම පණිවිඩය වන්නේ රටක් වශයෙන් අප සතු කරගත යුතු ආකල්පමය වෙනසයි. “අවවාදයට වඩා ආදර්ශය උතුම්” යන සාම්ප්‍රදායික පාඨය මෙහිදී අපගේ සිහියට නැගේ. කොරෝනා වසංගතය හමුවේ සාම්ප්‍රදායික හා සමාජ මාධ්‍ය සියල්ල ඔස්සේ එකම කාරණා යළි යළිත් ප්‍රකාශ කිරීමට සිදු වූයේ අප තුළ පවතින ආකල්පමය දුගීභාවය හේතුවෙනි.

ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව රටක් වශයෙන් ගත් කල වැදගත් ප්‍රධාන හේතු කාරණා දෙකක් මූලික කරගෙන බව පැහැදිලිය. ඉන් පළමුවැන්න වන්නේ ස්වභාවධර්මය මගින් ලැබී ඇති අලංකාරයයි. ඉතා කෙටි දුර සීමාවකදී රට තුළ පවතින පරිසර සාධකයන්ගේ වෙනස සහ ජෛව විවිධත්වය ඕනෑම සංචාරකයකු පුදුමයට පත් කරනු ඇත. ඒ නිසාවෙන්ම මේ වන විට බොහෝ විදේශිකයන්ගේ සංචාර සඳහා අප රට තෝතැන්නක් වී තිබේ. දෙවැනි ප්‍රධාන කාරණාව ශ්‍රී ලංකාව තුළ පවතින වැදගත් ඓතිහාසික සාධකයන්ය. මහාචාර්ය රාජ් සෝමදේවයන්ට අනුව අප රටට නූතන මානවයාගේ (Homo sapiens sapiens) පය තැබීම වසර ලක්ෂයකටත් වඩා එපිට කාලයකදී සිදුව ඇත. ඉන් මෙහා ගත් කල, බළන්ගොඩ මානවයාගේ හමුවීම (වසර 30,000 ට පමණ පෙර) සහ අනෙකුත් විවිධ සොයාගැනීම් විසින් ශ්‍රී ලංකාව තුළ පුරාණ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ කතා වස්තු දිගහරිනු ලැබේ. ජනප්‍රවාදය හා බැඳී පවතින සහ වර්තමානයේ වඩාත් කතා බහට ලක්ව තිබෙන ‘රාවණ’ කතාපුවත හරහා කියන්නට වෙර දරන ඉතිහාසය වඩාත් ආකර්ෂණීය වූවකි. කෙසේ නමුදු මේ පිළිබඳ විවිධ මතවාද හා අදහස් ඇති බවද ප්‍රකාශ කළ යුතුවේ. අප රටේ ඉතිහාසය පිළිබඳ හැදෑරීමේදී වඩාත් කථාබහට ලක්වන්නේ දේවානම්පියතිස්ස රජු සමයේදී සිදුවූ මහින්දාගමනය හා බැඳි සිදුවීම් හා ඒ ඔස්සේ රටට උරුම වූ දායාදයන්ය. එතෙක් පැවත ආ සම්ප්‍රදායන්, සංස්කෘතික චර්යාවන් සහ අනෙකුත් ජීවන පැවතුම් කෙරෙහි මහින්දාගමනය බලපෑ බව ඉතිහාසය සාක්ෂි දරයි. එදා සිට අද දක්වා පැවත එන වසර 2300 පමණ වූ ඉතිහාසය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සමාජ පසුබිම සහ ජීවන රටාව වෙනස් කළ අයුරු විවිධ සිදුවීම් ඔස්සේ විස්තර වේ. මෙකී කාලය තුළ විශේෂයෙන්ම දකුණු ඉන්දියානු ආක්‍රමණ ඔස්සේ සිදුවූ බලපෑම්වල සාධක අදටත් පවතී. එමෙන්ම වෙළෙඳ කටයුතු සඳහා පැමිණි මුස්ලිම් ජනයා ශ්‍රී ලංකාව තුළ පදිංචි වීම හරහා ද විවිධ සංස්කෘතික. ආගමික හා සමාජ වෙනස්වීම්වලට අප රට ලක්වූ බව පැහැදිලිය. මේ සියලු සංකලනවලට අමතරව ශ්‍රී ලංකාවට සිදුවූ විශාලතම බලපෑම වන්නේ යුරෝපීය ආක්‍රමණයි. ඒ අනුව පෘතුගීසීන් 1505 දීත්, ලන්දේසීන් 1656 දීත් සහ ඉංග්‍රීසීන් 1796 දීත් කළ ආක්‍රමණ නිසා ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික පසුබිමට සිදු බලපෑම අදටත් පවතියි. ඒ ඔස්සේ සිදුවූ සමාජ, ආගමික, භාෂාමය සහ දේශපාලනික වෙනස්කම් හමුවේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට සිදුවූ බලපෑම පුද්ගල ආකල්පවල වෙනසක් සිදුකළ බව පිළිගත යුතු කරුණකි. සමස්තයක් වශයෙන් ගත් කල අද පවතින සමාජ ආකල්ප කෙරෙහි ඉහත සිදුවීම් සියලු විවිධ මට්ටමින් බලපෑම් කළ බව පැහැදිලිය.

ගෝලීය වශයෙන් මුහුණ දෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ඔස්සේ අප වෙත නිකුත් වූ ප්‍රධානම පණිවිඩය වන්නේ රටක් වශයෙන් අප සතු කරගත යුතු ආකල්පමය වෙනසයි. “අවවාදයට වඩා ආදර්ශය උතුම්” යන සාම්ප්‍රදායික පාඨය මෙහිදී අපගේ සිහියට නැගේ. කොරෝනා වසංගතය හමුවේ සාම්ප්‍රදායික හා සමාජ මාධ්‍ය සියල්ල ඔස්සේ එකම කාරණා යළි යළිත් ප්‍රකාශ කිරීමට සිදුවූයේ අප තුළ පවතින ආකල්පමය දුගීභාවය හේතුවෙනි. විශේෂයෙන්ම වෛද්‍ය අංශ මගින් නිතර ලබාදුන් උපදෙස් කිසිදු ගණනකට ක්ගෙන, සිය අභිමතයට අනුව හැසිරෙන පුද්ගලයන් දුටු කල අපට පසක් වන කාරණය වන්නේ රටේ අභිවෘද්ධිය උදෙසා ආකල්ප සංවර්ධනය කෙරෙහි වඩාත් වැඩි සැලකිල්ලක් දැක්වීම සහ ආයෝජනයක් කිරීම අත්‍යවශ්‍ය බවයි.

පරිපූර්ණ මිනිසකු බිහි කිරීම.

රටේ අනාගත ජීවනාලීය වන්නේ දරු පරපුර නිසා රටේ අනාගතය සුබ වන්නට නම් දරුවන්ගේ අනාගතය සුබ විය යුතුය. එසේ නම් වර්තමානයේ කළ යුතු ප්‍රධානම ආයෝජනය වන්නේ, දරුවන්ගේ අධ්‍යාපන රටාවේ වෙනසක් කිරීමය. පසුගිය වසර 35 ක් හෝ ඊට එපිට කාලය සැලකීමේදී අපට පැහැදිලි වන කාරණය වන්නේ දැනුම මූලික කරගත් දරු පරම්පරාවක් බිහිකිරීමට වඩාත් වැඩි උත්සාහයක් දරා ඇති බවයි. දැනුම ලබාදීම අනිවාර්ය වේ. එහෙත් දැනුම හා බැඳුණු අනෙකුත් අත්‍යවශ්‍ය උපාංග කිහිපයක් පවතී. පරිපූර්ණ මිනිසකු බිහිකිරීම උදෙසා මේ සියලු දෑ පිළිබඳ අවධානය යොමු කිරීම වටී. දැනුම හඹා යමින් තරගකාරි මානසිකත්වයක් පවත්වා ගනිමින් ලබාගන්නා අධ්‍යාපනය තුළ සමහර අත්‍යවශ්‍ය ගුණාංග දරුවන් තුළින් ගිලිහී යන ආකාරය පසුගිය දශක කිහිපය දෙස බැලීමේදී පැහැදිලි වේ. දැනුම පදනම වූ කල බාහිර උපකාරක පංති හරහා ගොඩෙනැගුණු දැනුම ගොඩ ගැසීමේ සංස්කෘතිය තුළ දරුවන් රොබෝවරුන් වන ප්‍රවණතාව පැහැදිලිය. එසේ ගොඩනැගෙන දරුවන් මානව ප්‍රජාවට, සතා සිවුපාවන්ට, ගහ කොළ, ඇළ දොළ ඇතුළු මුළු මහත් පරිසරයට ද සංවේදී නොවෙනු ඇත. එය දරුවන්ගේ වරදක් නොවේ. එහි වගකීම සමස්ත රට වැසියාටම බෙදී යනු ඇත. අප විසින් ලබාදෙන ඉලක්ක හමුවේ දරුවන්ගේ මනස නිතර ක්‍රියාකරනුයේ කෙසේ හෝ වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවරයකු විය යුතුය යන අරමුණ ඇතිවය. එය අතිශය තරගකාරීත්වයකින් ළඟා කරගත යුතු, කිහිප දෙනකුට පමණක් අවස්ථාව උදාවන දරුණු අභියෝගයකි. මා යුරෝපයේ අධ්‍යාපනය ලබන අවධියේ එවකට අටවන පන්තියේ ඉගෙනුම ලබන යුරෝපීය දරුවකුගෙන් “ඔබ ඉගෙන ගන්නේ අනාගතයේදී කවරකු වන්නටදැයි” ඇසූ පැනයට ඔහු එක හෙළා පිළිවදන් දුන්නේ පරිසර විද්‍යාඥයකු වීමට යනුවෙනි. මෙරට දරුවන්ගේ සිත් තුළ එවැනි අභිමතාර්ථ තිබුණත්, ඒවා ප්‍රකාශ කිරීමටවත් ඔවුන් නොපෙලඹෙන්නේ මව්පියන්ගෙන් ලැබෙන අධික පීඩනය හේතුවෙනි. දරුවා කවරකු විය යුතුද යන්න බොහෝ විට තීරණය කරනු ලබන්නේ මව්පියන් විසිනි. එසේ නම් නූතන ලෝකයේ ඇති අභියෝග හමුවේ දරුවන් සඳහා දැනුම පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවේ. ඒ හා බැඳුණු අනෙකුත් ගුණාංග පිළිබඳ දඅවධානය යොමු කළ යුතු වේ. මේ පිළිබඳ විවිධ අය විසින් විවිධ ආකාරයේ මති මතාන්තර මීට ඉහතදී විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව බැලීමේදී දරුවන්ගේ අධ්‍යාපනය පෝෂණය විය යුතු සිව් වැදෑරුම් උපාංග ලෙස 1. දැනුම 2. කුසලතා 3. සාරධර්ම 4. ආකල්ප සැලකිය හැකිය.

නූතන අධ්‍යාපන රටාවේදී වඩාත් මූලික වන්නේ ආකල්ප වැඩිදියුණු කිරීම වන අතර ඊට සමගාමීව දැනුම ලබාදීම, කුසලතා වර්ධනය හා සාරධර්ම සංවර්ධනය සැලකිල්ලට ගැනේ. එසේ නම් මෙකී පෙළ ගැස්ම අප රටේ අනාගත සංවර්ධනය ඉලක්ක කොට ආයෝජනය කළ යුතු යමක් බව අවධාරණය කරනු කැමැත්තෙමි. විශේෂයෙන්ම ජපානය වැනි රටවල ආකල්ප සංවර්ධනය කෙරෙහි වඩාත් වැඩි අවස්ථාවක් උදා කර දී ඇත. අපේ රට ගැන සිතීමේදී ආකල්ප වැඩිදියුණු කිරීම පෙර පාසලෙන් ආරම්භ කර පාසල් අධ්‍යාපනය ඔස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පුළුල් කිරීම මගින් වඩාත් යහපත් දරු පරම්පරාවක් ඉතිරි වනු ඇත. මෙකී කාර්යය අද ආරම්භ කළහොත් තවත් වසර 15කින් හෝ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි අතර ඉන්පසු එය අඛණ්ඩව සිදු වෙනු ඇත. මෙම ලිපියේ අදහස මේතාක් කිසිවකුත් මේ කෙරෙහි අවධානය යොමු නොකර කිසිදු පියවරක් නොගෙන ඇති බව ප්‍රකාශ කිරීම නොවන නමුත්, මෙය විධිමත් ලෙස, ඉලක්කගතව සිදුව නැති බව අවබෝධ කරගත යුතුය. ආකල්ප ගත අධ්‍යාපන ක්‍රමවේදයේදී දරුවන්ගේ පෝෂණය කළ යුතු කාරණා අතර ශ්‍රී ලාංකීය අනන්‍යතාව, දේශීය දෑ අගය කිරීම, මානව ගුණධර්ම ප්‍රගුණ කිරීම හා ඒ ඔස්සේ එකිනෙකාට ගරු කිරීම, පරිසරයට ආදරය කිරීම හා එහි අගය වටහා ගැනීම, රටේ ආර්ථිකයට දායක වන පරිදි අනාගතය සකස් කරගැනීමේ වගකීම, සියලු වෘත්තීන්ගේ ඇති වැදගත්කම සහ සියලු වෘත්තීන් ඔස්සේ රටේ ප්‍රගමණයට සහය විය හැකි බව අවබෝධ කර ගැනීම ප්‍රධාන වේ. විශේෂයෙන්ම මානව ප්‍රජාවගේ වගකීම පිළිබඳ දරුවන් තුළ තිබිය යුතු අවබෝධය සහ ඒ ඔස්සේ එකිනෙකා මනාලෙස හඳුනාගනිමින් ජීවත්විය යුතු පිළිවෙළ පිළිබඳව ද ආකල්ප සංවර්ධනය ඔස්සේ දරුවන්ට ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව උදා කර දිය යුතුය.

අධ්‍යාපන ක්‍රමවේදය

වඩාත් ප්‍රායෝගිකව මෙය කළ හැක්කේ වර්තමානයේ කතාබහට ලක් වන අධ්‍යාපනය ලබාදීමේ රටාව ඔස්සේය. මීට පෙර අධ්‍යාපනය ලබාදීම සිදුවූයේ ගුරුවරයා කේන්ද්‍රකොට ගෙන වන අතර බොහෝ අධ්‍යාපන ආයතනවල එය තවමත් සිදුවෙමින් පවතී. එහෙත් නූතන ක්‍රමවේදයේදී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය වඩාත් ප්‍රගුණ කෙරේ. විශේෂයෙන්ම ෆින්ලන්තය වැනි රටවල පාසල් අධ්‍යාපනය පවා මෙම ක්‍රමය ඔස්සේ සිදුකරයි. එහිදී දරුවන් සිය කුසලතා සහ දැනුම වර්ධන ක්‍රියාකාරකම් කළ යුතු අතර මූලීකවම ආකල්ප වැඩි දියුණුව අපේක්ෂා කෙරේ. කණ්ඩායම් හැඟීම, අවම තරගය, එකිනෙකාට ගරු කිරීම, පරිසරය සහ මිනිසුන් සමඟ සම්බන්ධතා ගොඩනැගීම, වඩාත් ප්‍රායෝගික තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම, නිර්මාණශීලි පුද්ගලයින් බිහි කිරීම, තර්කන හැකියාව ලබා දීම ආදි බොහෝ දෑ මේ මගින් අපේක්ෂා කෙරේ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් මූලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදයකට යෑමේදී උපකාරක පන්තිවල අවශ්‍යතාව අවම වීම, ක්‍රීඩා කටයුතුවලට දරුවන් යොමු කරවීමට, පරිසරය සමග කටයුතු කිරීමට සහ දහම් අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව සැලසීමට ඉඩ සැලසෙනු ඇත. අධ්‍යාත්මික සංවර්ධනය, යන ආකල්ප සංවර්ධනය උදෙසා වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළක් බව හඳුනාගැනීම ද වටියි. තායිලන්තය වැනි රටවල අඩුම තරමේ වසර කිහිපයක් පැවිද්දකු ලෙස ගතකිරීමට අවස්ථාව උදා කර දෙන්නේ මේ හේතුවෙනි.

අධ්‍යාපනය සඳහා තරගකාරීත්වය ගැන සැලකීමේදී ගම්‍ය වන කාරණය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති සීමිත ඉඩකඩයි. උසස් පෙළ හදාරන දරුවන්ගෙන් 12% පමණ උසස් අධ්‍යාපනය සඳහා වරම් ලබන මුත් අවශ්‍යතාවය සහ කැමැත්ත ඇති සැලකිය යුතු පිරිසකට ඒ සඳහා අවස්ථාව නොලැබේ. වර්තමානයේ කථාබහට ලක්වන සිසුන් 40,000 - 50,000 ක් පමණ සරසවිවලට ඇතුළත් කරගැනීමට දරන උත්සාහය කිසියම් දුරකට සරසවි අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට හේතු වනු ඇත. එහෙත් අභියෝගය වන්නේ පවතින තත්වය යටතේ සරසවි තුළ ඇති පහසුකම් සහ අනෙකුත් ධාරිතාවයන්ගේ ප්‍රමාණයයි. කෙසේ වෙතත් කොරෝනා හමුවේ පසක් වූ කාරණය වන්නේ තෝරාගත් සමහර පාඨමාලා සඳහා සිසුන්ට දුරස්ථ සහ මාර්ගගත ක්‍රම ඔස්සේ උසස් අධ්‍යාපනය ලබාදීමට ඇති හැකියාවයි. එය සරසවි අධ්‍යාපනය පුළුල් කිරීමේදී සැලකිය හැකි ප්‍රායෝගික කරුණකි.

ආකල්ප සංවර්ධනය

රටක ප්‍රජාවකගේ ආකල්ප වර්ධනය අධ්‍යාපනයට පමණක් සීමා නොකොට එය ඉන් ඔබ්බට ද ගෙන යා යුතුය. එනම් රටේ සංවර්ධනය ඉලක්ක කර ආකල්ප සංවර්ධනය කිරීමයි. මෙහිදී සියලු පුරවැසියන්ගේ යුතුකම වන්නේ රටේ සංවර්ධනයට දායක වන ලෙස සිය වෘත්තිය පවත්වාගෙන යෑම යන්න දරුවන්ගේ මනස තුළ තැන්පත් කළ යුතුය. උදාහරණයක් වශයෙන් රටක් ලෙස තායිලන්තයේ අභිමතාර්ථය වන්නේ මුළු ලෝකයේම මුළුතැන්ගෙට අවශ්‍ය ආහාර සැපයීමයි. ඒ සඳහා සියලු රටවැසියන්, රාජ්‍ය, රාජ්‍ය නොවන අනෙකුත් ආයතන සියල්ල එක සේ වැඩකටයුතු කරයි. එහිදී වඩාත් සාර්ථක අපනයන ක්‍රියාවලියක් මඟින් රටතුළ නිෂ්පාදිත කෘෂි නිෂ්පාදන අගය එකතු කොට අනෙකුත් රටවලට අපනයනය සිදු කෙරේ. එක් දහස් නවසිය හැටේ දශකයේ අගභාගයේදී අමෙරිකාව සඳ තරණය ​සඳහා සැලසුම් සකස් කිරීමේදී එරට සනීපාරක්ෂක කටයුතුවල නියැළුණු කම්කරුවාගේ පවා සිත්තුළ වූයේ තමන් වැඩකරන්නේ ඇමරිකානුවන් සඳට යැවීම සඳහා යන්නයි. ආකල්ප සංවර්ධනයට ඉඩ සැලසීම ඔස්සේ රටක සංවර්ධනය සඳහා මානව ප්‍රජාව පෙළගැස්විය හැකි බව කිවයුතුය. ජපන් ජාතිකයන්ට කුඩා කල සිටම ලබාදෙන පණිවිඩය වන්නේ, රටේ සංවර්ධනයට නිර්මාණශීලිව දායකවීමට නම් තම මනසේ ඇති නිර්මාණශිලී සිතුවිලි සිය දෑත් ඔස්සේ එළියට ගත යුතු බවයි. මේ සියල්ල අපට පසක් කරන කාරණය වන්නේ ආකල්ප සංවර්ධනයේ ඇති වටිනාකම සහ එය රටේ ආර්ථිකයට පෙළ ගැස්සවීම කල හැකිය යන්නයි. රටක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ අවුරුදු ගණනාවක් ඉදිරියට සලකා ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමයි. ඉන්පසු ඒවාට අනුව වැඩකරන ආකාරය ආකල්පමය වශයෙන් දරුවන්ගේ සිත් තුළ ධාරණය කොට ඒ සඳහා ඔවුන් සූදානම් කරවීමයි. මේ සඳහා රටේ පාලකයන් සතුව විශාල වගකීමක් සහ ඉටු කළ යුතු කාර්යයක් පවතී.

අව්‍යාජ දායකත්වය

මෙකී කාරණා ගැන කථා කිරීමේදී වර්තමානයේ දේශපාලන ප්‍රවාහය පිළිබඳ පුරවැසියන්ගේ සිත් තුළ ඇති අදහස්, විවේචන පිළිබඳ අවධානය යොමු කිරීම ද ඉතා වැදගත්ය. රටේ අනාගතය මිස පුද්ගල හෝ පක්ෂ සංවර්ධනය කෙරෙහි යොමු නොවීමට සියලු පුරවැසියන් අවබෝධ කරගත යුතු කරුණු පිළිබඳ පුළුල් අවබෝධයක් දරුවන්ට ලබාදීම ආකල්ප සංවර්ධනය ඔස්සේ සිදු කළ යුතු කාරණයයි. අනාගතය භාරගැනීමට සිටින පිරිස ලෙස දරුවන්ගේ අරමුණු වැඩිදියුණු කළ යුත්තේ වඩාත් ඵලදායි සේවාවක් රටට සැලසීම සඳහාය. විශේෂයෙන්ම සමාජ සේවයේ ඇති සැබෑ ස්වරූපය සහ රටක සංවර්ධනයට අව්‍යාජව දායක විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ආකල්ප දියුණු කිරීම කළ යුතුම කාරණයකි. රටට ආදරය කරන සහ ගරු කරන පුරවැසියන් බිහි කිරීම ඔස්සේ මෙය කළ හැකි වනු ඇත. ඒ සඳහා කිසියම් කාලයක් ගතවුවද දරුවන්ගේ ආකල්ප වැඩිදියුණු කිරීම හරහා මෙය සිදුකිරීම වඩාත් ප්‍රායෝගික වනු ඇත.

ආකල්ප සංවර්ධනයේ මූලිකම අරමුණ විය යුත්තේ පටු අදහස්වලින් තොර, පාට කණ්ණාඩිවලින් බලා තීරණ නොගන්නා පුද්ගලයන් බිහිකිරීමයි. එසේ වුවහොත් එය රටක් වශයෙන් ලබන විශාල ජයග්‍රහණයකි. කෙතරම් විභාග සමත්ව කුමන තරාතිරමක සිටියත්, ආකල්පමය වශයෙන් දුප්පත්, අනුන්ගේ නුගුණම දකින, සහයෝගයෙන් ක්‍රියා කළ නොහැකි, ආත්මාර්ථකාමීන් බිහිවීම වැළැක්වීමට හැකි එකම ක්‍රමය වනුයේ ආකල්ප වැඩිදියුණු කිරීමයි. ආකල්ප ධනාත්මක නොවූ කල ඉගෙනගත් පාසල, විශ්වවිද්‍යාලය හෝ මව්පියන් පිළිබඳ ගෞරවයක් උපදින සේ වැඩකිරීමට කිසිවකුට නොහැකි ය. එම නිසා මිනිසාගේ සංවර්ධනය පදනම් විය යුත්තේ ආකල්ප වැඩිදියුණු කිරීම මූලික කරගෙනය. එසේ නොවුණු කල බිහි වන පුද්ගලයා පිළිබඳව අප මතකය දිවයන්නේ සිංහල සාහිත්‍යයේ එන වඩාත් සුපතළ යෙදුමකටය. එය නම් “නුග ගස මහත් වුවත් නුග ඵලය කුඩා වන්නා සේ” යන්නය. එනම් එවැනි පුද්ගලයන්ගෙන් සමාජයට වන සෙත අවම වන බවයි. වඩාත් වැදගත් කාරණය ආකල්ප වැඩිදියුණු වූ කල විනය ඉබේටම පෝෂණය වීමයි. එය රටක් ලබන විශාල ජයග්‍රහණයකි. කොරෝනා උවදුර හමුවේ අපට යළිත් පසක් වූයේ විනයක් ඇති මිනිසුන් අප රටේ ඉදිරි ප්‍රගමනයට අත්‍යවශ්‍ය බවයි. ආකල්ප වැඩිදියුණු කිරීම හැර ඒ සඳහා ඇති අනෙකුත් ක්‍රම උපායන් එතරම් පැහැදිලි නැත.



දෙස් විදෙස් පතළ ලංකාවේ කලාගාර පහක්

 දෙස් විදෙස් පතළ ලංකාවේ කලාගාර පහක්


කලාගාර යනු ලොව ඕනෑම රටක කලා උරුමය, සංස්කෘතිය සෙසු ලෝකයන් සමග බෙදා ගන්නා පරිශ්‍ර වෙති.එක් රටක පමණක් නොව නොයෙක් රටවල් නිර්මාණ ඒවායේ දී කලා රසිකයන්ට හමුවේ. පොහොසත් කලා සංස්කෘතික උරුමයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි දෙස් විදෙස් අවධානයට ලක් වූ මුල් පෙළේ කලාගාර කිහිපයක තතු මෙලෙස දක්වන්නේ ඒවායේ ඇසුර දියුණු ජීවිතයක් වෙනුවෙන් නිතැතින්ම ඉවහල් වන බව පැහැදිලි හෙයිනි.

1.ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරය


කොළඹ 7 හෝර්ටන් පෙදෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි මෙම කලාගාරය මෙරට බිහිවූ බිහි වූ අග්‍රගණ්‍ය ආලේඛ්‍ය චිත්‍ර ශිල්පිනියක් ලෙස සැලකෙන ජේ. ඩී .ඒ .පෙරේරා වෙනුවෙන් ප්‍රණාම දැක්වීමකි.ජේ.ඩී.ඒ. ගේ සිතුවම් කලාවේ විශිෂ්ටත්වය සුප්‍රකට විදෙස් චිත්‍ර ශිල්පීන් පවා මවිතයට ලක් කරන සුළුය.2010 වර්ෂයේදී දෙස් විදෙස් කලා රසිකයන් ගේ අපේක්ෂා පල දරමින් විවෘත විය.මෙරටින් බිහි වූ තවත් අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියෙක් ලෙස පිළිගැනෙන ඩේවිඩ් පේන්ටර්ගේ අස්ථානගතව තිබූ චිත්‍ර එකතුව සොයා ගැනීමෙන් පසුව ඒ චිත්‍ර ප්‍රදර්ශනයට තබා ඇත්තේද  ජේ. ඩී. ඒ .පෙරේරා කලාගාරයේ ම කොටසක ය. එය පළමු මහලේ පිහිටා තිබේ.සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය අධිපති ලෙස කලක් painter කටයුතු කර ඇත.ඔහුගේ මෙම වටිනා චිත්‍ර එකතුව ඊට පරිත්‍යාග කර ඇත්තේ අන්තිම කැමති පත්‍රයට අනුව බව සඳහන් වේ.ඔහුගේ සොහොයුරිය විසින් ඒවා පරිත්‍යාග කිරීමෙන් පසුව කලක් අස්ථාන ගතව තිබිණි.

2.ලයනල් වෙන්ඩ්ට් කලාගාරය


1930 සහ 1940 ගණන්වලදී මෙරට අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක් මෙන්ම පියානෝ වාදකයෙක් සහ කලා උපදේශකයෙකු වූ lionel wendt සිහි කරමින් මෙම කලාගාරය 1953 ස්ථාපිත කර තිබේ. දෘශ්‍ය මෙන්ම ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රය වෙනුවෙන් එය ඉටු කරමින් ඇති මෙහෙවර විශාලය.මෙම පරිශ්‍රය හැරල්ඩ් පීරිස් කලාගාරය, ලයනල් වෙන්ඩ්ට් රඟහල හා ලයනල් වෙන්ඩ්ට් කලාගාරය එක්ව ගත්විට එය හැඳින්වෙන්නේ මෙලෙසිනි.කොළඹ පිහිටි එකම බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානය ද මෙයයි.පෙරදිග හා අපරදිග සම්මුඛ වන ස්ථානය ලෙසද එය ප්‍රකටය.රංඟ ශාලාවේ එකවර හයසීය දෙනෙකුට ආසන පහසුකම් පවතී.

 

3.ජාතික කලා භවන



රාජ්‍ය අනුග්‍රහය සහිතව ඇති වූ පළමු කලාගාරය ජාතික කලා භවනයි. ලංකා කලා සංගමයේ සහ  ලංකා කලා මණ්ඩලයේ මූලිකත්වයෙන් 1932 දී පළමුව ස්ථාපිත වූ එය එක්දාස් නවසිය පනහේ සිට ජාතික කලා භවන බවට පත්විය පත් විය.කොළඹ කෞතුකාගාරයට යාබදව පිහිටි ගොඩනැගිල්ල ගෘහ නිර්මාණ ශිල්පී මුදලිදු ඒ.සී.ජී.එස් අමරසේකර ගේ නිර්මාණයකි.එය සෘජුකෝණාස්‍රාකාර ගොඩනැගිලි දෙකකින් සමන්විත.ඉන් එක් ගොඩනැගිල්ලක කලා භවන සතු ස්ථිර නිර්මාණ එකතුව  ප්‍රදර්ශනය කෙරේ. අනෙක් ගොඩනැගිල්ල වෙන්කර ඇත්තේ චිත්‍ර මූර්ති ප්‍රදර්ශන ආදිය සඳහා ය.කලා භවන සතු අගනා නිර්මාණ විධිමත් ලෙස ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාව කලක පටන් අවධානයට ලක්ව ඇති කාරණයකි.නවීකරණ කටයුතු සඳහා වසර ගණනාවක් තිස්සේ වසා දමා තිබේ.නෙළුම් පොකුණ,රඟහල විහාරමහාදේවි උද්‍යානය වැනි ස්ථාන ආශ්‍රිතව දැකුම්කළු පරිසරයක මෙම පරිශ්‍රය පිහිටා තිබේ.

 4.බෙයාර්ෆුට් ගැලරි


කොළඹ කොල්ලුපිටියේ පිහිටි මෙම කලාගාරය චිත්‍ර ශිල්පීන්, සංගීතඥයන්,කවීන්, සිනමාකරුවන් ඡායාරූප ශිල්පීන් විවිධ කලාකරුවන් සිය නිර්මාණ කටයුතුවල දී යොදා ගන්නා ස්ථානයකි.විදේශීය නිර්මාණකරුවන් ද ඒ අතර වෙති. කලාගාරයට අමතරව cafe එකක්ද එකක් ද පිහිටා තිබේ.ශ්‍රී ලංකාවේ වාණිජ මට්ටමේ පළමු කලාගාරය ලෙස මෙය සඳහන් ය. මුලදී ගැලරි 706 ලෙස හැඳින්විණ. 1999 වර්ෂයේ සිට බෙෆාර්ෆුට් යනුවෙන් නම් වි.දිවයිනේ ප්‍රකට චිත්‍ර ශිල්පීන් ගණනාවක් මෙහි ප්‍රදර්ශනය පවත්වා ඇත.

 5.පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ


ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ කාර්යාලය මෙලෙස කලාගාරයක් හා cafe එකක් බවට පත්ව තිබේ.ඔහුගේ අභාවයට පෙර මෙය ඇති කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. කොළඹ3 ඇල්ෆ්‍රඩ් හවුස් garden හි පිහිටා ඇති මෙය කලාකාමීන් අතර ජනප්‍රිය ස්ථානයක.1987 දී අරඹන ලදී.කලාගාරය ස්ථාපිත වූයේ 1998 දීය.paradise road යනු යනු මේ වන විට ප්‍රකට සන්නාමයකි.එය අන්තර්ජාතික අවධානයට ලක්ව ඇත.නිර්මාතෘ උදයශාන්ත ජේ.ෆර්නැන්ඩ ය.මේවා කලාගාරය සතුව විශිෂ්ට චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ එකතුවක් තිබේ. එහි චිත්‍ර ප්‍රදර්ශනය ද පැවැත්වේ. විදේශීය සංචාරකයන්ගේද ආකර්ෂණයට ආකර්ශණයට ලක් වූ ස්ථානයකි.


 

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...